ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවේ සැකකරුවන් අල්ලන්න : මාලිගාකන්ද මහේස්ත්‍රාත් නියෝග කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 13, 2023

ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවේ සැකකරුවන් අල්ලන්න : මාලිගාකන්ද මහේස්ත්‍රාත් නියෝග කරයි

කුප්‍රකට ඉමියුනෝග්ලොබියුලින් (Immunoglobulin) ගනුදෙනුව සම්බන්ධ සියලු සැකකරුවන් නොවැම්බර් 16 වැනි දා ට පෙර අත්අඩංගුවට ගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

Immunoglobulin නැමති ඖෂධය ගෙන්වීමේ දී බාල තත්ත්වයේ ඖෂධ ගෙන්වා ඇති බවත්, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ව්‍යාජ ලිපි ලේඛන යොදාගෙන තිබූ බවත් සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තිය සමිති විසින් අනාවරණය කරනු ලැබුවා.

අදාළ ප්‍රසම්පාදන කටයුත්තේ දී සිදුව ඇති අක්‍රමිකතාවන්ට අදාළව අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලට අදාළව අධිකරණයට දැක්වීමෙන් අනතුරුවයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කළේ.

මේ අතර අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ, අදාළ කුප්‍රකට ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් පැමිණිලි කොට දින 10ක් ගත වූ නමුත්, තවමත් එහි පරීක්ෂණ සඳහා අදාළ සමාගම කැඳවා නැති බවයි.

එබැවින් අදාළ ගනුදෙනුවේ මහ මොළකරුවන් රටින් පැනයාමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad