අරගල නායක දානිෂ් අලිට කොටුව දුම්රිය අරගලකරුවන්ගෙන් ගුටි වරුසාවක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 27, 2023

අරගල නායක දානිෂ් අලිට කොටුව දුම්රිය අරගලකරුවන්ගෙන් ගුටි වරුසාවක්! (VIDEO)

ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල නායකයෙක් ලෙස කටයුතු කළ දානිෂ් අලි නැමැත්තාට කොටුව දුම්රිය පොලේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ප‍්‍රමාදයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට යද්දී එම ප්‍රහාරය එල්ල වී තිබේ.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන නිලධාරීන් දිවා ආහාරය කරමින් සිටියදී ප්‍රමාද වන්නේ යැයි පවසමින් අන්තර්ජාලය ඔස්සේ සජීවී වීඩියෝවක් නිකුත් කරමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
 
දුම්රිය ස්ථානයේ කලහකාරී හා නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය අරගල සමයේ ජාතික රූපවාහිනිය අත්පත් කර ගැනීම සඳහා ඊට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මේ වන විටත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad