පාර්ලිමේන්තු තීන්දුව රැගෙන ෂම්මිලාට එරෙහිව නීතිපති උසාවියේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 10, 2023

පාර්ලිමේන්තු තීන්දුව රැගෙන ෂම්මිලාට එරෙහිව නීතිපති උසාවියේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත් හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණයෙන් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයට එරෙහිව විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සියලු නිලධාරීන් වහා ඉවත් විය යුතු බවට වන යෝජනාව පදනම් කරගනිමින් මෙම විරෝධතාවය ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ හෙළිදරව් කිරීම් වලින් පසුව මෙම යෝජනාව විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ස්ථිර කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad