ෂම්මි ගේ අලජ්ජී හැසිරීමට එරෙහිව ICC සාමාජිකත්වය හිමි රටවල් ගණනක් එක් වෙයි… අභ්‍යන්තර කුමන්ත්‍රණ ගැන සියලු තොරතුරු ඇමතිට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 19, 2023

ෂම්මි ගේ අලජ්ජී හැසිරීමට එරෙහිව ICC සාමාජිකත්වය හිමි රටවල් ගණනක් එක් වෙයි… අභ්‍යන්තර කුමන්ත්‍රණ ගැන සියලු තොරතුරු ඇමතිට!

ක්‍රිකට් ආයතනය තුළ සිදු කෙරෙන දූෂණ හා අක්‍රමිකතා මේ දිනවල එකින් එක හෙළිදරව් වෙද්දී බලයේ රැඳී සිටීම සඳහා නොයෙකුත් උපක්‍රමයන්හි යෙදී සිටින ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව වෙනත් රටවල ක්‍රිකට් බලධාරීන්ද පෙළ ගැසී   ඇති බව වාර්තා වේ.

මෙය සනාථ වනුයේ බලයේ රැඳී සිටීම වෙනුවෙන්  ලංකාවේ ක්‍රිකට් තහනම් කරන  ලෙස ඉල්ලා අයිසීසිය වෙත ෂම්මි සිල්වා විසින් යවන ලද ලිපි එහෙම පිටින්ම  එම රටවල ක්‍රිකට් පාලක මණ්ඩලයන් හරහා ආපසු ක්‍රීඩා ඇමතිවරයා වෙත ලැබෙමින් තිබීමය.

ආසියාවේ ඇතැම් රටවල් ඉන්දීය ගැති ෂම්මි පරිපාලනයට සහයෝගය දැක්වුවද ඇතැම් ආසියානු රටවල් හා අනිකුත් රටවල් ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් පරිපාලනයේ දූෂණ පිළිබඳ අවබෝධයකින් පසුවන බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දි පැවසුවේ ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සඳහා කළ කුමන්ත්‍රණය සම්බන්ධව සැක සහිතනම් ඒ පිළිබඳව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විමසන ලෙසය.

මේ අනුව අද හා හෙට ඉන්දියාවේ පැවැත්වෙන අයිසීසී විධායක කමිටු රැස්වීම අයිසීසිය විසින් හදිසියේ ගත් ශ්‍රී ලංකාවට එරෙහි වාරණ නියෝගය පිළිබඳව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයිද වාර්තා වේ.  ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් සහභාගී වන්නේ ෂම්මි සිල්වාය.

කෙසේ වෙතත් අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබීම හේතුවෙන් ඔවුන් යම් කොන්දේසි කිහිපයක් පනවා ශ්‍රී ලංකාවට එරෙහි වාරණය ඉවත් කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලංකාසර


No comments:

Post a Comment

Post Bottom Ad