2017 අපි බිම දමපු උඩපන්දු 65න් වැඩියම බිම දමපු අය මෙන්න… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

2017 අපි බිම දමපු උඩපන්දු 65න් වැඩියම බිම දමපු අය මෙන්න…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල පෙන්නන දියාරු තරඟරටාවේ එක පැත්තක් තමයි දුර්වල පන්දු රැකීම,කාලෙකට ඉස්සර ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩක් අය හැදින්නුවේ ආසියාවේ දක්ෂතම පන්දු රකින කණ්ඩායම කියල , 

දැන් අපිට මොකද වෙලා තියෙන්නේ ,අපේ කණ්ඩායමේ අවුරුදු 35 ට කිට්ටු කරපු  මහේලලා සනත්ලා,දිල්ශාන්ලා මුරලිලා ඉද්දි හොඳට පන්දු රැක්ක,දැන් ඉන්නේ ගොඩක් තරුණ කණ්ඩායමක් ,සාමාන්‍ය පිළිගැනීම තමයි කණ්ඩායම තරුණ වුනාම පන්දු රැකීමත් හොඳ වෙනවා කියල,හැබැයි අපිට මොකද වෙලා තියෙන්නේ, අපේ තරුණ කණ්ඩායම ට පන්දු රැකීමවත් හරියට කරගන්න බැරිද,පහුගිය කාලේ අපෙන් වුන පන්දු රැකීමේ අඩුපාඩු නිසා අපිට වුන පාඩු කිහිපයක් බලමු එතකොට තේරෙයි පන්දු රැකීම හරියට නැති වුනාම මොනතරම් පාඩුවක් වෙනවද කියල,

ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිකට් වෙබ් අඩවියක් වෙන ක්‍රීක් බස් කියන විදියට අපි 2017 අව්රුද්දට උඩපන්දු 56 ක් අතහැරලා තියනවා කියල තිබුන වාර්තාවේ තිබුන කථාවයි,අද ඉන්දියාවේ මාද්‍යක් වන ක්‍රිකට් එජ් වෙබ් අඩවියයි කියපු කථාවල එකතුවක් තමයි මේ,ක්‍රිකට් ඒජ් කියල තිබුනේ 2017 අව්රුද්ද්ට අපි උඩපන්දු 65 ක් බිම දැම්ම කියල අපි බලමු කවුද වැඩියෙන්ම උඩපන්දු බිම දැම්මේ කියලත්. අපිට මතක තියන ලොකුම පාඩුව වුන උඩ පන්දුව තමයි ඉන්දියාව එක්ක පලවෙනි ටෙස්ට් තරඟයේදී අසේල ගුණරත්න ශිකර් ධවාන් ලකුණු 31 ක් අරගෙන ඉද්දි අතහැරපු උඩපන්දුව,

ඒ උඩපන්දුව අතහැරීමත් එක්ක ධවාන් නැවතුනේ ලකුණු 190 අරගෙන,අසේල නැවතුනේ ගෙදර, අත කඩාගෙන. ඒ තරඟයේදීම පාන්ඩේ ලකුණු 4 දී  ලබාදුන්න උඩපන්දුව දිමුත් අතහැරියට පස්සේ හර්දික් පාන්ඩේ නැවතුනේ තමන්ගේ පලවෙනි අර්ධ ශතකයත් අරගෙන,ඒ කියන්නේ ඒ උඩ පන්දු දෙකෙන් ඒ තරඟයට ඍජුවම වුන පාඩුව ලකුණු 206ක්, අපි මේ විදියට පාඩු කරගත්තේ මේ තරඟාවලියේදී විතරක් නෙවෙයි.අවුරුද්ද මුල තිබුන දකුණු අප්‍රිකා සංචාරයේ අවසන් තරඟයේදී ලකුණු අතරේ හිටියේ නැති අම්ලා ලකුණු 5දි දීපු උඩපන්දුව දනංජය බිම දැම්මට පස්සේ අම්ලා නැවතුනේ ලකුණු 134 ක් අරගෙන,

ඒ තරඟාවලියේම පස්වෙනි එක්දින තරඟයේදී අම්ල ලකුණු 38 දී උපුල් තරංගට දීපු උඩපන්දුව බිම දැම්මට පස්සේ අම්ල නැවතුනේ ලකුණු 154ක් ගහල. ඊට පස්සේ ලංකාවට බංගලාදේශය ආපු වෙලාවේ තිබුන දෙවැනි ටෙස්ට් තරඟයේ දී බංගලාදේශයේ ෂකීබ් අල් හසන් ලකුණු 11 දී දීපු උඩපන්දුවක්  උපුල් තරංග අතින් අතහරුනට පස්සේ ෂකීබ් නැවතුනේ ශතකයක් අරගෙන තරඟයත් දිනවල තරඟාවලියේ වීරයාත් වෙලා. මෑත කාලේ උඩපන්දු නිසා අපිට අහිමි වුන ලොකුම දේ තමයි චැම්පියන්ස් කුසලානයේ අවසාන තරඟයට පිවිසෙන්න තිබුන හොඳම අවස්තාව අපිට අහිමි වුන එක.

අපි ක්‍රීඩා කරපු අවසන් පුරව තරඟයේදී පකිස්ථාන කණ්ඩායම අපි ලබාගත්ත ලකුණු 238 හඹා යද්දී පකිස්ථානය ලකුණු 136 ට විකට් 6ක් වැටිලා තිබුන වෙලාවේ සෆ්රාස් අහමඩ් දීපු උඩපන්දු ව අපි අල්ල ගත්තනම් චැම්පියන්ස් කුසලානයේ අයිති කාරයෝ වෙනස් වෙන්නත් තිබුනා. ඊට පස්සේ ශ්‍රී ලංකාවට ආපු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තිබුන එක්දින තරඟ මාලාව ඉතිහාසයේ පලවෙනි වතාවට අපි පරාද වුනා,ඒ විදියට පරදිද්දී අපේ පන්දු රකින්නෝ උඩපන්දු 9ක් අතහැරලා තිබුන එකත් එක්ක නායක මතිව්ස්ටත් නායකත්වයෙන් යන්නත් වුනා,

ඔය පන්දු රැකීමෙන් වුන පාඩු වලින් ටිකක් විතරයි.දුර්වල පන්දු රැකීම් නිසා තව ලකුණු කීයක් ප්‍රතිවාදීන් අපෙන් උදුරගන්න ඇත්ද,දුවද්දී දවාගන්න තිබුන අවසථා කීයක් මගහැරෙන්න ඇත්ද, ඕක තමයි පන්දු රැකීමේ කතාව,මේකට කවුද වගකියන්නේ,මේ දුර්වල තාවයට වගකියන්න ඕන ප්‍රදාන පුද්ගලයෙක් වුන නික් පොතාස් ඒ කියන්නේ හිටපු පන්දු රැකීමේ පුහුණු කාරයට පහුගිය කාලේ ඔහු කරපු වැරදි වලට දඬුවමක් විදියට අපේ ක්‍රිකට් බලධාරියෝ දුන්නේ උසස් වීමක්,ඒ පන්දු රැකීමේ පුහුණු කාරයා ප්‍රධාන පුහුණු කාරය විදියට පත් කරපු එක.

මේ තමයි 2017 අපේ කණ්ඩායමේ වැඩියම උඩපන්දු අතහැරපු අය.

Dinesh Chandimal : 5
Upul Tharanga : 5
Dilshan Munaveera : 4
Niroshan Dickwela : 4
Asela Gunaratne : 4
Lasith Malinga : 4
Danushka Gunathilika : 4


අපි මේ කථාව ක්‍රිකට් එජ් තමන්ගේ වාර්තාව පටන් ගත්ත තැනින්ම අවසන් කරමු,

Catches Win Matches is an old adage in cricket, and as Sri Lanka team have dropped more than two dozen catches in 2017, no surprise that they have lost 70 percent of their matches

No comments:

Post a Comment

Post Bottom Ad