කින්නියාව රත්වෙයි,ගම්මු පහරදීමෙන් නාවික හමුදාවේ 12 කට තුවාල 4 කට බරපතලයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

කින්නියාව රත්වෙයි,ගම්මු පහරදීමෙන් නාවික හමුදාවේ 12 කට තුවාල 4 කට බරපතලයි.

Loading...
කින්නියා කන්දල්කාඩු වැලි මංකඬේ නීති විරෝධීව වැලි ගොඩදැමූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (29) පෙරවරුවේ නාවික හමුදා පිරිසක් සිදුකළ වැටලීමකදී නාවික හමුදාවෙන් බේරීමට පලා ගිය සිව්දෙනකු අතරින් මහවැලි ග`ගට පැන්න දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධියත් සම``ග කලහකාරීව හැසිරුණු ප‍්‍රදේශවාසීන් පිරිසක් ඊයේ දහවල් නාවික හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප‍්‍රහාරයෙන් නාවික හමුදාවේ දොළොස් දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ සිව්දෙනකු ප‍්‍රතිකාර ස`දහා ති‍්‍රකුණාමලය රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදාව පවසයි.
සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ කින්නියා ඉඩිමන් වාට්ටු අංක හත පදිංචි අබ්දුල් රාවුෆ් මොහොමඞ් පාරිස් (22* හා කින්නියා ඉඩිමන් වාට්ටු අංක පහ පදිංචි බසීර් මොහොමඞ් රමීෂ් (19* නමැති තරුණයන් දෙදෙනෙකි.
මෙම ප‍්‍රහාරය ප‍්‍රදේශයේ නාගරික මන්තී‍්‍රවරයකු විසින් මෙහෙයවා ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. ප‍්‍රකෝප වූ පිරිස වැලි ගොඩදැමීමට යොදාගන්නා සවල් හා පොලූ ආදිය ගෙන මෙම පහර දීම සිදුකර ඇත.
කන්දල්කාඩු වැලි මංකඩෙහි නීති විරෝධීව වැලි ගොඩ දමමින් සිටියදී නාවික හමුදාව ඊයේ පෙරවරු 10ට පමණ කළ වැටලීමත් සමග මෙම පිරිස පලා ගොස් මහවැලි ග`ගට පැන තිබේ. එම අවස්ථාවේදී පලා යන සැකකරුවන් බිය වද්දා අල්ලා ගැනීමට නාවික හමුදාව විසින් අහසට වෙඩි තබා ඇති බව මූලික පොලිස් පරික්ෂණවලින් අණාවරණය වී තිබේ.
නාවික හමුදා ක‍්‍රියා කලාපයට එරෙහිව ප‍්‍රදේශවාසීන් 500 ක් පමණ එම ප‍්‍රදේශයට පැමිණ කලහකාරී අයුරින් විරෝධය දැක්වීමත් සමග මුතූර් හා කින්නියා පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම් ගෙන්වා තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි.
නාවික හමුදාව විසින් අතුරුදන්වූ දෙදෙනා සොයා මහවැලි ගෙ`ගහි මෙහෙයුම් දියත් කිරීමට සුදානම් වූ අවස්ථාවේ ඊට ප‍්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමග නාවික හමුදාව ඉන් ඉවත්ව තිබේ. පසුව ප‍්‍රදේශවාසීන් එක්ව ඔරු යොදා අතුරුදන් වූ දෙදෙනා සෙවීම අරඹා ඇත.
ඒ අතරතුර පොලිසිය විසින් තත්ත්වය පාලනය කිරීම ස`දහා යොදවා තිබූ මාර්ග බාධකයක්ද පෙරලාගෙන පැමිණි පිරිසක් නාවික හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට ප‍්‍රහාරය එල්ල කර ඇත. කින්නියා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad