මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ සියලු ඉදිකිරීම් නවතන ලෙසට නියෝගයක් - විහාරය අවට පොලිස් ආරක්ෂාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ සියලු ඉදිකිරීම් නවතන ලෙසට නියෝගයක් - විහාරය අවට පොලිස් ආරක්ෂාවක්

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ සියලු ඉදිකිරීම් නවතන ලෙසට නියෝගයක් - විහාරය අවට පොලිස් ආරක්ෂාවක්

මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සියළු ඉදිකිරීම් පෙබරවාරි 12 වැනිදා දක්වා සම්පූර්ණයෙන් නවතන ලෙසට මුලතිව් ම‍හේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා ඊයේ (24) දින නියෝග කොට ඇති අතර අද (25) දින උදෑසන සිට විහාරය අවට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගත් බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් විසින් විහාරස්ථානය එල්ල විය හැකි අන්තවාදි ප්‍රහාරයන් වලක්වා ගැනීමේ අරමුණින් මුලතිව් පොලීසියෙන් කරන ලද ඉල්ලීමකට අනුව අද උදෑසන සිට විහාර භූමියට ආරක්ෂවක් සපයා ඇත.

පසුගිය ජනවාරි 14 වැනිදා ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයට ඇතුලු වූ පිරිසක් බලහත්කාරයෙන් කෝවිලක් ඉදිකිරීමට මුල්ගලක් තැබීමට යෑමේදී ඇතිවූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් මුලතිව් පොලීසිය විසින් ගොනු කළ නඩු විභාගය ඊයේ (24) දින විභාගයට ගැනුනු අතර එහිදී මුලතිව් මහෙස්ත්‍රාත් වරයා මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව එලඹෙන 12 වනදා දක්වා නඩුව කල් ගිය අතර එදිනට විහාරස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුව නිකුත් කරන ලද ගැසට් නිවේදන ඇතුළත් වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙතින් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට සිටියේය.

මුලතිව් අධිකරණයෙ පැවති නඩු විභාගයේ විහාර පාර්ශවයට අමතරව අනෙක් පාර්ශවය ලෙසට ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු නම් කොට තිබූ අතර, අදාළ පාර්ශවය වෙනුවෙන් නීතිඥයින් 13 දෙනෙකු පමණ පිරිසක් පෙනී සිටි ඇත.

ගැටළුව සම්බන්ධයෙන් මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් පවසා සිටින්නේ,

‘මේ නයාරු පන්සල තියෙන ස්ථානයට තමයි දළදා වහන්සේ වැඩම කරලා තියෙන්නේ.බුද්ධ වර්ෂ 244 ක කාලයේ ඉදලා අතීත සටහන් විහාරස්ථානයේ තියෙනවා.ඉස්සර පන්සලේ චෛත්‍යය පහක් තිබිලා තියෙනවා.ඒත් යුද්දේ කාලයේ එව්වා විනාශ වෙලා. පුරාවිද්‍යාව පන්සල සීමාව අක්කර 93 කින් යුතුව 2013  අගෝස්තු  16 වැනිදා 1823/73 ගැසට් කරලා තියෙනවා.ඒත් එව්වා හොයලා බලන්නේ නැතුව දැන් මේ පිරිසක් ප්‍රශ්නයක් හදන්න උත්සහ කරනවා. මම පන්සලට ආවේ දැනට අවුරුදු අටකට කලින්.යුද්දේ ඉවර වුණාට පස්සේ.මම දැන් පන්සල ටිකක් දියුණු කරගෙන යනවා.ඒකට තමයි ඔය කට්ටිය විරුද්ධවෙලා එක එක ප්‍රශ්න දාන්නේ.මම කියන්නේ ගැසට් කරපු පුරාවිද්‍යා ස්ථානය රැක ගන්න ඕනේ.දළදා වහන්සේ වැඩම කරපු ස්ථානය නැති වෙන්න දෙන්න හොද නෑ.ඒ ඉතිහාසය විනාශ කරන්න තමයි පිරිසක් උත්සහ කරන්නේ."

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad