දුමින්දට ජනපතිගෙන් පොදු සමාව? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

දුමින්දට ජනපතිගෙන් පොදු සමාව?

දැනට මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනපති පොදු සමාව ලබාදීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. 

අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය. මත්ද්‍රව්‍ය වලට විරැද්ධව කටයුතු කරන ජනාධිපතිවරයා එලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ගැටළුවක් වී ඇති බවද ඇය පැවැසීය.

එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.

“දුමින්ද සිල්වාට  ජනාධිපති සමාව දිය යුතුයි කියලා මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අත්සන් ලබාගන්න වැඩපිළිවෙලක් යනවා. ජනාධිපතිවරයාගේ නියෝග මත එහෙම කරාවා කියලා ඔවුන් පවසනවා. ඒ සම්බන්ධයෙන් මට හොද සාක්ෂි තිබෙනවා. පෙරවාරි 04 දා ජනාධිපති සමාව දෙන්න ජනාධිපතිවරයාට අදහසක් තිබෙනවා කියලා තමයි ඒ අය කියන්නනේ. එහෙම දෙන්න අදහසක් ජනාධිපතිතුමාට තියෙනවා නම් අනිත් සිරකරුවන්ටත් එහෙම නිදහස දෙන්න වෙනවා. 

මම මේ කතාකරන්නේ මගේ පියා ඝාතනය කිරීම ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේක පොදු ප්‍රශ්නයක්. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියක්  නැති කමට අපි මොකද කරන්න ඕන. 2015 ජනවරි 08 දා මේ වගේ පුද්ගලයෙක් ජනාධිපති කරන්න මම කළ කැපවීම ගැන මම කණගාටුවෙනවා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය කරපු ජනාධිපතිතුමා දුමින්ද සිල්වාට ජනාධිපති සමාව නොදෙයි කියලා මට විශ්වාස කරන්න බැහැ.

ජනාධිපතිවරයෙක් මිනිස්සුන්ට එපාවෙන්නේ දෙවැනි වාරයේදී කටයුතු කරද්දි. නමුත් මෛත්‍රිපාල සිරිසේන මහත්මයා තමයි ජනාධිපතිවරයාගේ පළමු කාලයයේදී ජනතාවටම එපාවුණ කෙනා. ජනාධිපති සමාව දෙන්නනම් නීතිපති නිර්දේශය සහ අධිකරණ අමාත්‍යතුමියගේ නිර්දේශ අවශ්‍යයි. අධිකරණ ඇමතිතුමිය කොන්දක් තියෙන ඇමතිවරියෙක්  කියලා මට විශ්වාසයි. එතුමිය සල්ලිවලට නැවෙන කෙනෙක් නෙවෙයි.”

No comments:

Post a Comment

Post Bottom Ad