වසරේ විනිසුරු, ධර්මසේන - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

වසරේ විනිසුරු, ධර්මසේන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන අතුරින් වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස තේරී පත්වී දෙවැනි වරටත් ඩේවිඩි ෂෙපර්ඩ් සම්මානය ලැබීමට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සමත් වී තිබේ.

වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් ගේ හා ICC තරග තීරකයන් ගේ ඡන්දය හිමි වී තිබේ. මෙම සම්මානය මගින් අනෙකුත් ශ්‍රී ලාංකික නිලධාරීන් වඩාත් ධෛර්යයට පත් වේ යැයි අපේක්ෂා කරන බව ධර්මසේන සඳහන් කර සිටියි.

“මේ මා හට ඉතාමත් තෘප්තිමත් වසරක්… ICC ය වෙතින් ලද මෙම සම්මානය ගෞරවයක් හා වරප්‍රසාදයක්. මෙම සම්මානය මට පළමුවරට හිමිවූයේ සය වසරකට පෙරාතුවයි… මෙම සම්මානය, මා බොහෝ සෙයින් ආදරය කරන රැකියාවෙහි ඉදිරියටත් නිරත වීමට ශක්තියක් හා ධෛර්යයක් වනු ඇත… ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසක් විනිසුරුවකු ලෙසත් මා සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් ආදරයක් දක්වන අතර, මෙම මෙම ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවෙහි අපේක්ෂා පූර්ණ කිරීමට ඉදිරියේදීත් දැඩි වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මා බලාපොරොත්තු වෙනවා,” යැයි ධර්මසේන පවසා තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad