"නීතියට ගරු කරන එජාපය කිසි දිනෙක ව්‍යවස්ථාවක් රහසේ ගේන්නේ නෑ" - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

"නීතියට ගරු කරන එජාපය කිසි දිනෙක ව්‍යවස්ථාවක් රහසේ ගේන්නේ නෑ"

රටේ නීතියට හැමදාමත් ගරු කරන එක්සත් ජාතික පක්ෂය කිසි  දිනෙක රහසිගවතව ව්‍යවස්ථාවක් ගෙන නොඑන බවත් ව්‍යවස්ථාක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ  නම්  සියලු පාර්ශව සමඟ  සාකච්ඡා කර  සියලු දෙනාගේ එකඟතාවය  මත පමණක් ගෙන එන බවත් තැපැල් හා මුස්ලිම් ආගමික  කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා කීය.

අමාත්‍යවරයා එසේ සඳහන් කළේ, මහනුවර අංකුඹුර නගරයේදී 405 වන සතොස ශාඛාව අද 26 වනදා විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"ව්‍යවස්ථාවක් පිළිබඳව කිසිදු සැලසුමක්වත් නොමැතිවතිබියදී ඇතැම් පිරිස් ව්‍යවස්ථවක් ගෙන එන බව පවසමින් ජනතාව නොමඟ යවමින් සිටින බවත්   රටේ නීතියට  නිරන්තරයෙන් ගරු කරන එක්සත් ජාතික පක්ෂය කිසි දිනෙක හොර රහසේ ව්‍යවස්ථාවක් ගෙන නොඑන බවත් එසේ ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් සියලු පාර්ශව  සමඟ සාකච්ඡා කර  සියලු දෙනාගේ එකඟතවය මත පමණක් ගෙන එනවා."

 (මොහොමඩ් ආසික්)  

No comments:

Post a Comment

Post Bottom Ad