ගුවන් ඔත්තුවකින් රහසිගත ගංජා හේන් 158ක් එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

ගුවන් ඔත්තුවකින් රහසිගත ගංජා හේන් 158ක් එළියට

ගුවන් හමුදා යානා යොදාගෙන සිදුකරන ලද නිරීක්‍ෂණවලදී නීති විරෝධීව වගා කරන ලද ගංජා හේන් 158ක් සොයාගෙන ඇති බවත් ඒ පිළිබඳව පොලිස් මූලස්ථානය හා පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන දැනුවත්
කිරීමට පියවර ගෙන ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

ආරක්‍ෂක හේතූන් මත එකී වගාවන් කර තිබෙන ප්‍රදේශ පිළිබදව තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමට හැකියාවක් නොමැති බවත් කෙසේ නමුත් ඒ ප්‍රදේශවල සිතියම් දර්ශන ඉහත
කී පොලිස් ආරක්‍ෂක අංශ වෙත ලබා දී ඇති බවත් ඒ මහතා පවසයි. ගුවන් හමුදාව මඟින් එසේ නිරීක්‍ෂණය කර ඇත්තේ වෙනත් ආරක්‍ෂක අංශයකට ගොඩබිමෙන් ගොස් හඳුනා ගැනීමට නොහැකි ප්‍රදේශ බව ද ඒ මහතා පවසයි.

ගුවන් හමුදාව මඟින් මෙම වැඩපිළිවෙළ කිසියම් ක්‍රමවේදයකට හා කාල සටහනකට අනුව නොකඩවා ක්‍රියාත්මක කරන බව ද පවසන ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රජය මඟින් ක්‍රියාවට නංවා ඇති නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය හා ගංජා හේන් වගාව වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාවලියට ගුවන් හමුදාව මඟින් උපරිම සහාය ලබා දෙන බවත්ය.

-කුමුදු උපුල් ශාන්ත-

No comments:

Post a Comment

Post Bottom Ad