උසස්පෙළ සිසුන්ට අකිලගෙන් මේ වසරේදී ටැබ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

උසස්පෙළ සිසුන්ට අකිලගෙන් මේ වසරේදී ටැබ්

උසස්පෙළ සිසුන්ට අකිලගෙන් මේ වසරේදී ටැබ්

උසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා  ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

එසේම මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ පැවති “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පංති කාමර සහිත තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ටැබ් පරිගණක භාවිතා කරමින් විභාගයට සාර්ථකව පිළිතුරු සැපයීමට අවශ්‍ය පාඩම් මාලා සහ විෂය කරුණු සම්බන්ධව විධිමත් උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු සුදානම් කරන ලෙස විභාග කොමසාරිස්වරයා තමන් උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා පැවැසීය.

එසේම උසස් පෙළ සඳහා පෙළ පොත් ලබාදීමක් ආරම්භයේ සිට සිදු නොවූ නමුත් උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට  ටැබ් පරිගණක ලබා දීමෙන් පසුව පෙළ පොතක් සකසා ටැබ් පරිගණකයට ඇතුළත් කරන ලෙස ද විභාග කොමසාරිස්වරයා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad