පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

පසුගිය නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිය සපත්තු ඇතුළේ මිරිස් කුඩු පැකට් සඟවාගෙන පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන ආ බවට හෙළි වී තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භයට මන්ත්‍රීවරුන් පිහි හා මිරිස් කුඩු රැගෙන ඒම සහ පුටු ප්‍රහාර එල්ල කර ගැනීම කථානායක මයික්‍රෆෝන කඩා දැමීම වැනි අශෝභන ක්‍රියා සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව දැන් නිකුත් වී ඇති අතර මේ බව එම වාර්තාවෙන් සනාථ කර ඇත්තේය.

මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිය පාවහන් තුළ සඟවාගෙන පාර්ලිමේන්තු සභා ගැබ තුළට මිරිස් කුඩු ගෙන ආ බවට එම වාර්තාවෙන් තහවුරු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad