Loading...
* වරාය නගරය කලාප පහයි, ජාත්‍යන්තර දිවයිනක් මෙන්ම උද්‍යාන ආශ‍්‍රිත වාස භූමියක් ද ආරම්භ වේ...
* යටිතල පහසුකම් නඩත්තුවට උමං මාර්ගයක්...
* වරාය නගරයේ අධීක්‍ෂණයට ආයතන විසිහතක්...
* වරාය නගරයේ අධීක්‍ෂණයට ආයතන විසිහතක්...
දැන් අප පය තබා සිටින්නේ ගහක්, කොළක් නැති කාන්තාරයකය. එක් පසක් හැරෙන්නට මහ මුහුදින් වට වූ බිම්තැන්නකය. එහෙත් මේ මැදපෙරදිග නොවේ. මෙරට අග නගරයේය. කොළඹ ගාලූ මුවදොර පිටිය ඉදිරිපිට අලූතින් ඉදිකරන ලද වරාය නගරයේය. තවමත් මෙරටට අයිතියක් නැති චීන දූපතකය.
සම්පූර්ණයෙන්ම වැලිවලින් පිරුණු භූමිය මැද, උස් බිමක සිට අපි අවට සිරි නරඹමින් සිටිමු. ගිනියම් හිරුගේ රශ්මියෙන් වැලි කතර ගිනිගෙනය. රළ ගෙඩි සිප හමා එන සුළං රැලි පවන් නොසලන්නට වැලි කතරේ පය ගසා සිටීමට ද නොහැකි තරම්ය. එහෙත් ඒ මහා වැඩබිමේ මිනිසුන් කඩියන් සේ වැඩය. ඔවුන්ට හිරුගේ වියරුව නොතේරෙන ගානය. තැනක ගොඩනැඟිලිවලට පාදම සකසන්නේය. තව තැනක යන්ත‍්‍ර සූත‍්‍ර මගින් වැලි අතුරන්නේය. වරාය නගරය මැදින් ගලා බසින ගඟ දෙපස ද මිනිසුන් හරි, හරියට වැඩය. මහා පාළම් ඉදිවෙන්නේය. පුළුල් මාර්ග තැනෙන්නේය. වැඩබිම දෙනෙත්වලට පි‍්‍රයජනකය. හිරුගේ වියරුවට ඇස් නිලංකාර නොවන්නට දවස මුළුල්ලේ වුවද ඒ වැඩ බිම දෙස බලා සිටිය හැකිය.
කොළඹට පහනක් සේ අලූතින් ඉදිකරන වරාය නගරය පුරා දුවන අපගේ දෙනෙත් මහා නළා ශබ්දයත් සමඟ විශාල නැවක් අසල නතර විය. වසර දෙකකට වැඩි කාලයක සිට වරාය නගරය වැලිවලින් පිර වූ මහා නැව්වලින් අවසාන නැව වන ‘ෂිං හායි ලෝන්ග්’ වරාය නගර භූමියෙන්් සමුගෙන යෑමට සූදානම්ය. දෙස්, විදෙස් ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ප‍්‍රධාන පීඨිකාව මත සිට ‘ෂිං හායි’ මුහුද දෙසට ගමන් කරන අයුරු බලා සිටිති. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් සහ වරාය නගර සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජියැං හවුලියැං ඇතුළු ආරාධිත අමුත්තන් පැමිණ සිටින්නේ ද කාලයක සිට වැලි පිර වූ අවසාන නැවට සමුදීමටය. කොළඹ වරාය නගරයේ සම්පූර්ණ භූමිය වැලිවලින් පුරවා අවසාන බව නිල වශයෙන් දැනුම් දීමටය. එමෙන්ම පසුගිය 16 වැනිදා පැවැති එම උත්සවයේදී වරාය නගරයේ දෙවැනි අදියරේ වැඩ පටන් ගෙන ඇති බවද නිල වශයෙන් දැනුම් දෙනු ලැබිණි. රළ ගෙඩි කපාගෙන ෂිං හායි ඈත මුහුදට යන තෙක් බලා සිටි අපි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වරාය නගර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ නිහාල් ප‍්‍රනාන්දු මහතා දෙසට හැරුණෙමු. ඔහු දෙස්, විදෙස් මාධ්‍යවේදීන්ට වරාය නගර ව්‍යාපෘතිය ගැන පැහැදිළි කරමින් සිටී. දැන් අපි මොහොතකට ඔහුට සවන් දී සිටිමු.
‘‘මේ වෙනකොට වරාය නගරයේ සීයට සීයක් වැලි පිරවීම අවසානයි. හෙක්ටයාර් දෙසිය හැට නවයක භූමි ප‍්‍රමාණයක වැලි පුරවලා තියෙනවා. කියුබික් මීටර මිලියන හැටපහක් පමණ වැලි පුරවලා තියෙනවා. නගරය වටා කළුගල් වැටිය හැරෙන්නට සම්පූර්ණ භූමියම පිරිලා තියෙන්නෙ වැලිවලින්. දැන් අපි වරාය නගරය තුළ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පටන්ගෙන තියෙනවා. දැනට මාර්ග සහ පාලම් ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. වරාය නගරය පුරා පාලම් නවයක් ඉදිකිරීමට යෝජිතයි. ඊට අමතරව වරාය නගරය තුළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා උමං මාර්ග ඉදිකිරීමත් පටන්ගෙන තිියෙනවා. ඒ උමං මාර්ග ඉදිකිරීමත් සමඟ ඉතා පහසුවෙන් නගරය තුළ යටිතල පහසුකම් නඩත්තු කටයුතු පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මේ සියලූ ගොඩකිරීම්, ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප‍්‍රථම අවශ්‍ය අවසර ගැනීම් කටයුතු ක‍්‍රමානුකූලව සිදු කරලා තියෙනවා. ඒ වගේම වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති සංවර්ධන බලපත‍්‍රයට අනුව තමයි සියලූ වැඩකටයුතු සිදු වෙන්නෙ. වැලි කැණීම් සිදු කළේ වෙරළේ සිට කිලෝමීටර් 7.5 ක දුරක් රඳවාගෙන, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වෙන් කර දුන් මුහුදු සීමාවන් තුළ පමණයි. ඒ වගේම වැලි කැණීම් කළේ මුහුදේ මතුපිටේ සිට මීටර් 3 කට සීමා කර, මීටර් 0.5 ක ඝනකමක්ද රඳවාගෙන මීටර් පහළොවක (15) හා ඊට වැඩි ගැඹුරු මුහුදේ යට. ඒ අනුව ව්‍යාපෘති සමාගම විසින් වැලි කැණීමේ මෙහෙයුම් ඉතාමත් තිරසාරාත්මකව සිදු කර ඇති බව මම විශ්වාසයෙන් කියනවා...’’ නිහාල් ප‍්‍රනාන්දු මහතා හදපිරි සතුටින් අපට සමු දී ප‍්‍රධාන පීඨිකාව වෙතට ගියේය.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ පාරිසරික අනුකූලතාව අධීක්‍ෂණය කිරීම සඳහා වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පාරිසරික අධීක්‍ෂණ කමිටුවක් ද පත් කර ඇත. මෙම පාරිසරික කමිටුව රජයේ ආයතන විසිහයකින් සමන්විතය. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, කොළඹ හා ගම්පහ යන ප‍්‍රදේශයන්හි දිස්ත‍්‍රික් ලේකම්වරුන්, කොළඹ, තිඹිරිගස්යාය, වත්තල, ජාඇල හා මීගමුව යන ප‍්‍රදේශයන්හි ප‍්‍රාදේශීය ලේකම්වරුන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ හා මීගමුව ප‍්‍රදේශයන්හි මහා නගර සභා හා වත්තල ප‍්‍රාදේශීය සභාව. මේ ආයතනයන්හි අදාළ නිලධාරීන් නිරන්තරයෙන් වරාය නගර භූමියේ නිරීක්‍ෂණ චාරිකාවකවල නිරත වෙමින් අවශ්‍ය ප‍්‍රමිතීන් හා රෙගුලාසි නිසියාකාරව ක‍්‍රියාත්මක වේ ද යන්න සොයාබැලීම් සිදු කරන බවද වාර්තා වේ.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යනු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මූලික ආයෝජනයකින් සහ සමස්ත ඩොලර් බිලියන පහළොවක පමණ ආයෝජනයක් මගින් කොළඹ මධ්‍යම වාණිජ දිස්ත‍්‍රික්කය පුළුල් කරමින් ඉදිකෙරෙන අති නවීන සැලසුම්ගත නගර සංවර්ධන ව්‍යාපෘතියකි. කොළඹ ගාලූ මුවදොර ප‍්‍රදේශයට ආසන්න මුහුදින් හෙක්ටයාර් දෙසීය හැට නවයක් ගොඩ කර මෙම නව නගරය ඉදිකර ඇත. එම නගරය තුළ ඉදිවන ප‍්‍රධාන අනු කලාප 5 කි. මූල්‍ය දිස්ත‍්‍රික්කය, උද්‍යාන ආශ‍්‍රිත වාසය, ජාත්‍යන්තර දිවයින, සැහැල්ලූ යාත‍්‍රාංගණය සහ ¥පත් දිවිය නම් වේ. එමෙන්ම කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සම්පූර්ණ වන විට මෙහි භාවිතයට ගත හැකි භූමි ප‍්‍රමාණය වර්ග මීටර් මිලියන
5.65 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. එම භූමි ප‍්‍රමාණය තුළ ලොව ඉහළම ශ්‍රේණිගත මට්ටමේ කාර්යාල පහසුකම්, අති නවීන සෞඛ්‍ය සේවා, ප‍්‍රමිතිගත අධ්‍යාපන සේවා, බහුවිධ සේවා සංචාරක නිකේතන, සැහැල්ලූ යාත‍්‍රාංගණ, ලොව ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳ සන්නාම සහිත සාප්පු සංකීර්ණ, හෝටල් සහ විවිධ ජීවන හැඩතල සහ සංවර්ධන ක‍්‍රියාකාරකම් සඳහා ඉඩකඩ වෙන් කරනු ඇත. එමෙන්ම මෙම නගරය තුළ වඩාත් දියුණු තිරසාර සංවර්ධන ක‍්‍රමෝපායන් සහ සුහුරු සංකල්ප ක‍්‍රියාවට නැංවීමට නියමිත බැවින් එය දකුණු ආසියාවේම කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇත.
වරාය නගරය සම්පූර්ණයෙන්ම වැලිවලින් පුරවා අවසාන බව සමාජය දැනුවත් කිරීම සඳහා පැවති උත්සවයට පැමිණ සිටි මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක පවසා සිටියේ ද වරාය නගරය යනු තාක්‍ෂණික විස්මයක් බවය. එමෙන්ම වරාය නරගය මෙරට අතිවිශිෂ්ට සංවර්ධන ව්‍යාපෘති අතුරින් ඉදිරියෙන්ම ඇති ව්‍යාපෘතියක් බව ද ඔහු පැවසීය.
‘‘තවමත් රටේ ජනතාවට වරාය නගරයෙන් රටට ඇති වාසි ගැන හරි හැටි අවබෝධයක් නෑ. වරාය නගරය සම්බන්ධයෙන් බොහෝදෙනකුට ඇති ලොකුම
ගැටලූවත් ඒක තමයි. ඇත්ත කතාව නම් මේ නිර්මාණය වන වරාය නගරයෙන් අපේ රටට වාසි කප්පරක් තියෙනවා...’’
‘‘මේ වනකොට ලෝකයේ මිලියන 1.3 ක ජනගහණයක් සෑම සතියකම නගර කරා ගමන් කරමින් සිටිනවා. 2008 වර්ෂයේදී ලෝක ජනගහනයෙන් සියයට 50 ක් නාගරික ජනතාවයි. 2040 වන විට එය සියයට 65 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරනවා. ලෝකයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 60 ක් පමණ නාගරික කේන්ද්‍රස්ථාන හයසියක සිටයි පැමිණෙන්නෙ. අනාගතයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනයෙන් 80% ක් පමණ නගරවලදී සිදුවීම අපේක්‍ෂා කෙරෙනවා. ඒ වගේම ලෝක ආර්ථික සංසදය වෙබ් අඩවිය ප‍්‍රකාශයට පත් කරන අන්තර්ජාතික ලිපියකට අනුව 2025 වන විට ස්මාර්ට් නගර නිෂ්පාදනය හා සේවා සඳහා පුළුල් වෙළෙඳපොළක් ගොඩනැෙඟනවා. එය ඩොලර් ටි‍්‍රලියන 2.57 ක් වන බවත් ගණන් බලා තියෙනවා. එය සාමාන්‍යයෙන් වසරකට සියයට 18.4 ක අනුපාතයකින් වර්ධනය වෙමින් පවතිනවා. කොළඹ වරාය නගරය ද ස්මාර්ට් නගරයක් බවට පත්වනු ඇති අතර, එය එම වෙළෙඳපොළේ කොටසක් ගන්නා බවත් ස්ථිරයි...’’
‘‘ඒ වගේම අපේ රට ඉතිහාසයේ සිට කෘෂිකාර්මික රටක්. අපි ලෝකයේ අනෙකුත් රටවලට යම් බලපෑමක් කිරීමට නම්, කෘෂිකර්මාන්තයට සහ සේවා සැපයීමට පමණක් සීමා නොවී, විශේෂ ප‍්‍රාගුණ්‍යයක් සහිත මිනිසුන් නිර්මාණය කරන්න ඕනෑ. වරාය නගරයේ ප‍්‍රධාන සංකල්පය වන්නේ එයයි. ඉදිරි වසර කිහිපය වරාය නගරය අපේ රට වෙනස් කරන කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා නිසැකයි. වරාය නගරය අපට, අපව ලබාගැනීමේ උත්පේ‍්‍රරකයක් වනු ඇති බව ද විශ්වාසයි. මේ වෙනස ගැන කතා කරමින් අද ලෝකය තුළ අතිශය වැදගත් දෙයක් සිදු වෙමින් තිබෙනවා. එය චීනයේ බෙලට් මාර්ග ආරම්භකත්වය, සම්පූර්ණයෙන්ම නව දිශාවකින් අපගේ ආර්ථික දෘෂ්ටිය තල්ලූ කරමින් සිටින බව අපි දන්නවා. කොළඹ වරාය නගරයත් එම වැඩසටහනේ කොටසක්. මේ සුපිරි ව්‍යාපෘතිය දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්වනු නියතයි. තාක්‍ෂණවේදියකු ලෙස නොව, ශ‍්‍රී ලංකාවේ අනාගතය සඳහා ප‍්‍රතිපත්තිය සහ සැලසුම් ගෙන යන පුද්ගලයකු ලෙස මතුපිටින් හා යටිතල පහසුකම් සංවර්ධනයේ ඊළඟ අදියරේදී මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා...’’
වරාය නගරය අපේ රටේ සංවර්ධන ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක්. අපේ වරාය නගර ව්‍යාපෘතියේ පළමු පියවර අද නිමා කළා. මේ බිම වැලිවලින් අතුරා අවසානයි. සියවස් ගණනාවක් කළු ගගෙන්, කැලණි ගෙඟන් මහා මුහුදට එකතු වූ වැලිකන්දරාව නවීන තාක්‍ෂණය ඔස්සේ වරාය නගරයේ තැන්පත් කර තියෙනවා. සෝදාපාළුවෙන් අපෙන් ඉවතට ගිය පරිසරයක් අපි නැවත අලූතින් ගොඩනඟා තිබෙනවා. ඒ තුළින් පරිසරයට විශාල සේවයක් සිදු වී තිබෙනවා. ඒ වගේම අපේ ධීවර ප‍්‍රජාව සහ ජෛව විවිධත්වය ආරක්‍ෂා කරගැනීම සඳහා උපරිම ලෙස කටයුතු කර තිබෙනවා. තව ටික කාලයක් ඇතුළත වරාය නගරයේ වැඩ අවසාන වී මෙරට අග නගරය තුළ නාගරික උද්‍යානයක් නිර්මාණ කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පවසා සිටියේය.
කොළඹ සුන්දර අග නගරයක් බවට පරිවර්තනය කරගැනීම මෙරට පුරවැසියන්ගේ එකම සිහිනය බව පැහැදිළිය. වරාය නගරය ද එම සිහින උද්‍යානයේ එක ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය යටතේ මුහුදු තීරය වර්ධනය කර ඇති ආකාරය, මුහුදේ ගොඩබිම දියුණු කර ඇති ආකාරය, ගොඩබිම වැඩි දියුණු කිරීම, කෘත‍්‍රිම වෙරළ සහ වෙනත් බොහෝ අංගයන් මෙහි කළමනාකරණය කර ඇතිි බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වරාය නගරය භාරව කටයුතු කරන චීන සමාගමට ස්තූති කළ යුතුය. චීනය තාක්ෂණික ලෝකයේ දියුණු රටක් බව සැබෑය. ලෝකයේ ප‍්‍රථම වතාවට පසුගියදා සඳට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වමින් චීනයේ තාක්‍ෂණික දියුණුව ලෝකයට හඬ ගා කීවේය. එවැනි දියුණු රටක්, මෙරට තාක්‍ෂණික නගරයක් නිර්මාණය කිරීමට එකඟවීම ගැන ද ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප ආඩම්බර විය යුතුය.
රටක් දියුණුවීමට නම් මෙවැනි අති නවීන නගර නිර්මාණය විය යුතුය. එහෙත් එය සිදු විය යුත්තේ පරිසරයට සහ එරට සංස්කෘතියට හානියක් නොවන පරිදිය. ‘පෝර්ට් සිටිය‘ කොළඹට පායන සඳක් බව සැබෑය. එහෙත් එම සඳේ ආලෝකය මේ රටේ දියුණුවට භාවිත කිරීමට රට පාලනය කරන නායකයන් වගබලාගත යුතුය.
තරංග රත්නවීර
සිරිමන්ත රත්නසේකර
කොළඹට පහනක් සේ අලූතින් ඉදිකරන වරාය නගරය පුරා දුවන අපගේ දෙනෙත් මහා නළා ශබ්දයත් සමඟ විශාල නැවක් අසල නතර විය. වසර දෙකකට වැඩි කාලයක සිට වරාය නගරය වැලිවලින් පිර වූ මහා නැව්වලින් අවසාන නැව වන ‘ෂිං හායි ලෝන්ග්’ වරාය නගර භූමියෙන්් සමුගෙන යෑමට සූදානම්ය. දෙස්, විදෙස් ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ප‍්‍රධාන පීඨිකාව මත සිට ‘ෂිං හායි’ මුහුද දෙසට ගමන් කරන අයුරු බලා සිටිති. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් සහ වරාය නගර සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජියැං හවුලියැං ඇතුළු ආරාධිත අමුත්තන් පැමිණ සිටින්නේ ද කාලයක සිට වැලි පිර වූ අවසාන නැවට සමුදීමටය. කොළඹ වරාය නගරයේ සම්පූර්ණ භූමිය වැලිවලින් පුරවා අවසාන බව නිල වශයෙන් දැනුම් දීමටය. එමෙන්ම පසුගිය 16 වැනිදා පැවැති එම උත්සවයේදී වරාය නගරයේ දෙවැනි අදියරේ වැඩ පටන් ගෙන ඇති බවද නිල වශයෙන් දැනුම් දෙනු ලැබිණි. රළ ගෙඩි කපාගෙන ෂිං හායි ඈත මුහුදට යන තෙක් බලා සිටි අපි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වරාය නගර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ නිහාල් ප‍්‍රනාන්දු මහතා දෙසට හැරුණෙමු. ඔහු දෙස්, විදෙස් මාධ්‍යවේදීන්ට වරාය නගර ව්‍යාපෘතිය ගැන පැහැදිළි කරමින් සිටී. දැන් අපි මොහොතකට ඔහුට සවන් දී සිටිමු.
‘‘මේ වෙනකොට වරාය නගරයේ සීයට සීයක් වැලි පිරවීම අවසානයි. හෙක්ටයාර් දෙසිය හැට නවයක භූමි ප‍්‍රමාණයක වැලි පුරවලා තියෙනවා. කියුබික් මීටර මිලියන හැටපහක් පමණ වැලි පුරවලා තියෙනවා. නගරය වටා කළුගල් වැටිය හැරෙන්නට සම්පූර්ණ භූමියම පිරිලා තියෙන්නෙ වැලිවලින්. දැන් අපි වරාය නගරය තුළ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පටන්ගෙන තියෙනවා. දැනට මාර්ග සහ පාලම් ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. වරාය නගරය පුරා පාලම් නවයක් ඉදිකිරීමට යෝජිතයි. ඊට අමතරව වරාය නගරය තුළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා උමං මාර්ග ඉදිකිරීමත් පටන්ගෙන තිියෙනවා. ඒ උමං මාර්ග ඉදිකිරීමත් සමඟ ඉතා පහසුවෙන් නගරය තුළ යටිතල පහසුකම් නඩත්තු කටයුතු පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මේ සියලූ ගොඩකිරීම්, ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප‍්‍රථම අවශ්‍ය අවසර ගැනීම් කටයුතු ක‍්‍රමානුකූලව සිදු කරලා තියෙනවා. ඒ වගේම වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති සංවර්ධන බලපත‍්‍රයට අනුව තමයි සියලූ වැඩකටයුතු සිදු වෙන්නෙ. වැලි කැණීම් සිදු කළේ වෙරළේ සිට කිලෝමීටර් 7.5 ක දුරක් රඳවාගෙන, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වෙන් කර දුන් මුහුදු සීමාවන් තුළ පමණයි. ඒ වගේම වැලි කැණීම් කළේ මුහුදේ මතුපිටේ සිට මීටර් 3 කට සීමා කර, මීටර් 0.5 ක ඝනකමක්ද රඳවාගෙන මීටර් පහළොවක (15) හා ඊට වැඩි ගැඹුරු මුහුදේ යට. ඒ අනුව ව්‍යාපෘති සමාගම විසින් වැලි කැණීමේ මෙහෙයුම් ඉතාමත් තිරසාරාත්මකව සිදු කර ඇති බව මම විශ්වාසයෙන් කියනවා...’’ නිහාල් ප‍්‍රනාන්දු මහතා හදපිරි සතුටින් අපට සමු දී ප‍්‍රධාන පීඨිකාව වෙතට ගියේය.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ පාරිසරික අනුකූලතාව අධීක්‍ෂණය කිරීම සඳහා වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පාරිසරික අධීක්‍ෂණ කමිටුවක් ද පත් කර ඇත. මෙම පාරිසරික කමිටුව රජයේ ආයතන විසිහයකින් සමන්විතය. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, කොළඹ හා ගම්පහ යන ප‍්‍රදේශයන්හි දිස්ත‍්‍රික් ලේකම්වරුන්, කොළඹ, තිඹිරිගස්යාය, වත්තල, ජාඇල හා මීගමුව යන ප‍්‍රදේශයන්හි ප‍්‍රාදේශීය ලේකම්වරුන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ හා මීගමුව ප‍්‍රදේශයන්හි මහා නගර සභා හා වත්තල ප‍්‍රාදේශීය සභාව. මේ ආයතනයන්හි අදාළ නිලධාරීන් නිරන්තරයෙන් වරාය නගර භූමියේ නිරීක්‍ෂණ චාරිකාවකවල නිරත වෙමින් අවශ්‍ය ප‍්‍රමිතීන් හා රෙගුලාසි නිසියාකාරව ක‍්‍රියාත්මක වේ ද යන්න සොයාබැලීම් සිදු කරන බවද වාර්තා වේ.කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යනු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මූලික ආයෝජනයකින් සහ සමස්ත ඩොලර් බිලියන පහළොවක පමණ ආයෝජනයක් මගින් කොළඹ මධ්‍යම වාණිජ දිස්ත‍්‍රික්කය පුළුල් කරමින් ඉදිකෙරෙන අති නවීන සැලසුම්ගත නගර සංවර්ධන ව්‍යාපෘතියකි. කොළඹ ගාලූ මුවදොර ප‍්‍රදේශයට ආසන්න මුහුදින් හෙක්ටයාර් දෙසීය හැට නවයක් ගොඩ කර මෙම නව නගරය ඉදිකර ඇත. එම නගරය තුළ ඉදිවන ප‍්‍රධාන අනු කලාප 5 කි. මූල්‍ය දිස්ත‍්‍රික්කය, උද්‍යාන ආශ‍්‍රිත වාසය, ජාත්‍යන්තර දිවයින, සැහැල්ලූ යාත‍්‍රාංගණය සහ ¥පත් දිවිය නම් වේ. එමෙන්ම කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සම්පූර්ණ වන විට මෙහි භාවිතයට ගත හැකි භූමි ප‍්‍රමාණය වර්ග මීටර් මිලියන
5.65 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. එම භූමි ප‍්‍රමාණය තුළ ලොව ඉහළම ශ්‍රේණිගත මට්ටමේ කාර්යාල පහසුකම්, අති නවීන සෞඛ්‍ය සේවා, ප‍්‍රමිතිගත අධ්‍යාපන සේවා, බහුවිධ සේවා සංචාරක නිකේතන, සැහැල්ලූ යාත‍්‍රාංගණ, ලොව ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳ සන්නාම සහිත සාප්පු සංකීර්ණ, හෝටල් සහ විවිධ ජීවන හැඩතල සහ සංවර්ධන ක‍්‍රියාකාරකම් සඳහා ඉඩකඩ වෙන් කරනු ඇත. එමෙන්ම මෙම නගරය තුළ වඩාත් දියුණු තිරසාර සංවර්ධන ක‍්‍රමෝපායන් සහ සුහුරු සංකල්ප ක‍්‍රියාවට නැංවීමට නියමිත බැවින් එය දකුණු ආසියාවේම කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇත.
වරාය නගරය සම්පූර්ණයෙන්ම වැලිවලින් පුරවා අවසාන බව සමාජය දැනුවත් කිරීම සඳහා පැවති උත්සවයට පැමිණ සිටි මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක පවසා සිටියේ ද වරාය නගරය යනු තාක්‍ෂණික විස්මයක් බවය. එමෙන්ම වරාය නරගය මෙරට අතිවිශිෂ්ට සංවර්ධන ව්‍යාපෘති අතුරින් ඉදිරියෙන්ම ඇති ව්‍යාපෘතියක් බව ද ඔහු පැවසීය.
‘‘තවමත් රටේ ජනතාවට වරාය නගරයෙන් රටට ඇති වාසි ගැන හරි හැටි අවබෝධයක් නෑ. වරාය නගරය සම්බන්ධයෙන් බොහෝදෙනකුට ඇති ලොකුම
ගැටලූවත් ඒක තමයි. ඇත්ත කතාව නම් මේ නිර්මාණය වන වරාය නගරයෙන් අපේ රටට වාසි කප්පරක් තියෙනවා...’’
‘‘මේ වනකොට ලෝකයේ මිලියන 1.3 ක ජනගහණයක් සෑම සතියකම නගර කරා ගමන් කරමින් සිටිනවා. 2008 වර්ෂයේදී ලෝක ජනගහනයෙන් සියයට 50 ක් නාගරික ජනතාවයි. 2040 වන විට එය සියයට 65 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරනවා. ලෝකයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 60 ක් පමණ නාගරික කේන්ද්‍රස්ථාන හයසියක සිටයි පැමිණෙන්නෙ. අනාගතයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනයෙන් 80% ක් පමණ නගරවලදී සිදුවීම අපේක්‍ෂා කෙරෙනවා. ඒ වගේම ලෝක ආර්ථික සංසදය වෙබ් අඩවිය ප‍්‍රකාශයට පත් කරන අන්තර්ජාතික ලිපියකට අනුව 2025 වන විට ස්මාර්ට් නගර නිෂ්පාදනය හා සේවා සඳහා පුළුල් වෙළෙඳපොළක් ගොඩනැෙඟනවා. එය ඩොලර් ටි‍්‍රලියන 2.57 ක් වන බවත් ගණන් බලා තියෙනවා. එය සාමාන්‍යයෙන් වසරකට සියයට 18.4 ක අනුපාතයකින් වර්ධනය වෙමින් පවතිනවා. කොළඹ වරාය නගරය ද ස්මාර්ට් නගරයක් බවට පත්වනු ඇති අතර, එය එම වෙළෙඳපොළේ කොටසක් ගන්නා බවත් ස්ථිරයි...’’
‘‘ඒ වගේම අපේ රට ඉතිහාසයේ සිට කෘෂිකාර්මික රටක්. අපි ලෝකයේ අනෙකුත් රටවලට යම් බලපෑමක් කිරීමට නම්, කෘෂිකර්මාන්තයට සහ සේවා සැපයීමට පමණක් සීමා නොවී, විශේෂ ප‍්‍රාගුණ්‍යයක් සහිත මිනිසුන් නිර්මාණය කරන්න ඕනෑ. වරාය නගරයේ ප‍්‍රධාන සංකල්පය වන්නේ එයයි. ඉදිරි වසර කිහිපය වරාය නගරය අපේ රට වෙනස් කරන කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා නිසැකයි. වරාය නගරය අපට, අපව ලබාගැනීමේ උත්පේ‍්‍රරකයක් වනු ඇති බව ද විශ්වාසයි. මේ වෙනස ගැන කතා කරමින් අද ලෝකය තුළ අතිශය වැදගත් දෙයක් සිදු වෙමින් තිබෙනවා. එය චීනයේ බෙලට් මාර්ග ආරම්භකත්වය, සම්පූර්ණයෙන්ම නව දිශාවකින් අපගේ ආර්ථික දෘෂ්ටිය තල්ලූ කරමින් සිටින බව අපි දන්නවා. කොළඹ වරාය නගරයත් එම වැඩසටහනේ කොටසක්. මේ සුපිරි ව්‍යාපෘතිය දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්වනු නියතයි. තාක්‍ෂණවේදියකු ලෙස නොව, ශ‍්‍රී ලංකාවේ අනාගතය සඳහා ප‍්‍රතිපත්තිය සහ සැලසුම් ගෙන යන පුද්ගලයකු ලෙස මතුපිටින් හා යටිතල පහසුකම් සංවර්ධනයේ ඊළඟ අදියරේදී මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා...’’වරාය නගරය අපේ රටේ සංවර්ධන ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක්. අපේ වරාය නගර ව්‍යාපෘතියේ පළමු පියවර අද නිමා කළා. මේ බිම වැලිවලින් අතුරා අවසානයි. සියවස් ගණනාවක් කළු ගගෙන්, කැලණි ගෙඟන් මහා මුහුදට එකතු වූ වැලිකන්දරාව නවීන තාක්‍ෂණය ඔස්සේ වරාය නගරයේ තැන්පත් කර තියෙනවා. සෝදාපාළුවෙන් අපෙන් ඉවතට ගිය පරිසරයක් අපි නැවත අලූතින් ගොඩනඟා තිබෙනවා. ඒ තුළින් පරිසරයට විශාල සේවයක් සිදු වී තිබෙනවා. ඒ වගේම අපේ ධීවර ප‍්‍රජාව සහ ජෛව විවිධත්වය ආරක්‍ෂා කරගැනීම සඳහා උපරිම ලෙස කටයුතු කර තිබෙනවා. තව ටික කාලයක් ඇතුළත වරාය නගරයේ වැඩ අවසාන වී මෙරට අග නගරය තුළ නාගරික උද්‍යානයක් නිර්මාණ කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පවසා සිටියේය.
කොළඹ සුන්දර අග නගරයක් බවට පරිවර්තනය කරගැනීම මෙරට පුරවැසියන්ගේ එකම සිහිනය බව පැහැදිළිය. වරාය නගරය ද එම සිහින උද්‍යානයේ එක ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය යටතේ මුහුදු තීරය වර්ධනය කර ඇති ආකාරය, මුහුදේ ගොඩබිම දියුණු කර ඇති ආකාරය, ගොඩබිම වැඩි දියුණු කිරීම, කෘත‍්‍රිම වෙරළ සහ වෙනත් බොහෝ අංගයන් මෙහි කළමනාකරණය කර ඇතිි බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වරාය නගරය භාරව කටයුතු කරන චීන සමාගමට ස්තූති කළ යුතුය. චීනය තාක්ෂණික ලෝකයේ දියුණු රටක් බව සැබෑය. ලෝකයේ ප‍්‍රථම වතාවට පසුගියදා සඳට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වමින් චීනයේ තාක්‍ෂණික දියුණුව ලෝකයට හඬ ගා කීවේය. එවැනි දියුණු රටක්, මෙරට තාක්‍ෂණික නගරයක් නිර්මාණය කිරීමට එකඟවීම ගැන ද ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප ආඩම්බර විය යුතුය.
රටක් දියුණුවීමට නම් මෙවැනි අති නවීන නගර නිර්මාණය විය යුතුය. එහෙත් එය සිදු විය යුත්තේ පරිසරයට සහ එරට සංස්කෘතියට හානියක් නොවන පරිදිය. ‘පෝර්ට් සිටිය‘ කොළඹට පායන සඳක් බව සැබෑය. එහෙත් එම සඳේ ආලෝකය මේ රටේ දියුණුවට භාවිත කිරීමට රට පාලනය කරන නායකයන් වගබලාගත යුතුය.
තරංග රත්නවීර
සිරිමන්ත රත්නසේකර

No comments:
Post a Comment