කුඩාවැල්ලේ පරිසර විනාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

කුඩාවැල්ලේ පරිසර විනාශයක්

කුඩාවැල්ලේ පරිසර විනාශයක්

කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රීත මුහුදු තීරයේ දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

දකුණේ විශාලතම ධීවර වරාය වන කුඩාවැල්ල ධීවර වරාය හා ඒ අවට ප්‍රදේශය දැඩි සේ පාරිසරික හානියකට පත්ව තිබේ.

මුහුදු වෙරලේ දිරාපත් නොවන ප්ලාස්ටික් බෝතල් හා නයිලොන් දැල් කොටස් හා ඍජුෆෝම් වැනි අපද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් මේ අශ්‍රිත මුහුදු සීමාවද දුෂණය වී තිබේ. සුනඛයන් හා කපුටන් වැනි සත්වයන් මේ අපද්‍රව්‍ය ආහාරයට ගන්නා අයුරුද දැකිය හැකිය. වරාය තුළ බෝට්ටු අලුත්වැඩියා කිරිමේදී ඉවතලන සුන්බුන් ගොඩගසා ඇත්තේ ද පරිසරයට හානිවන ලෙසිනි.

බලධාරින් මේ පරිසරිය රැකගැනීමට කටයුතු නොකිරීම පරිසරවේදීන්ගේ හා සංචාරකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad