විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 1/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගන්නා ලද බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඩුබායි හි රැකියා කළ අයෙකි .

ඔහු අද (29) දින අලුයම 2.45 ට සාජා නුවර සිට පැමිණි එයා ඇරබියා ගුවන් සේවයේ ජී9501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

රුපියල් ලක්ෂ 18 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත "ටොප් මවුන්ටන් " වර්ගයේ දුම්වැටි 33,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් සහ තවත් පැකට් 190 ක් ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඔහුගේ ඇදුම් අතර සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.එච්.පී.කුමාරසිරි , සහකාර ගාස්තු නිලධාරීන් වන වයි.එස්.ඉන්දික , කේ.බී.අමරසිංහ සහ එල්.බී.පී.එස්.අබේගුණවර්ධන යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ අමිතා දොඩංවෙළ මහත්මිය විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම පුද්ගලයාට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළාය .
(කටුනායක ටී.කේ.ජී.කපිල )

No comments:

Post a Comment

Post Bottom Ad