ජාඇල පාසලක ළමුන් වටකරගෙන බූරු ගැසූ කාන්තාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

ජාඇල පාසලක ළමුන් වටකරගෙන බූරු ගැසූ කාන්තාවක්

ජාඇල නගරයට ආසන්න රජයේ පාසලක සති අන්ත පාසල් නිවාඩු දිනවල හා පාසලේ අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු සවස් කාලයේ පාසල් ළමුන් ද සහභාගි කරවාගෙන සූදුපොළක් පවත්වාගෙන ගියේ යැයි එම
පාසලේ ආරක්ෂා නිලධාරිනිය
සහ තවත් කාන්තාවක් ජාඇල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 මහජනතාවගෙන් පොලිසියට ලද පැමිණිලි ගණනාවකින් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි ආරක්ෂක නිලධාරිනියක සහ 46 හැවිරිදි තවත් කාන්තාවකි.

අත්අඩංගුවට ගෙන ඇති ආරක්ෂක නිලධාරිනිය මීට පෙරද ප‍්‍රදේශයේ වෙනත් ස්ථානවල බූරු පොළවල් පවත්වාගෙන ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බව පොලිසිය පවසයි.

 සැකකාරයන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය විසින් ඔවුන් දෙදෙනා පෙබරවාරි මස 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

බී.ටී.කේ

No comments:

Post a Comment

Post Bottom Ad