පනුවන් සිටි මස් කරිය නිසා මංගල සාදයේ කලබගෑනියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

පනුවන් සිටි මස් කරිය නිසා මංගල සාදයේ කලබගෑනියක්


ඇඹිලිපිටිය ප‍්‍රධාන පෙළේ අවන්හලක කුකුළු මස් ව්‍යංජනයකින් පණපිටින් පණුවන් හමුවීම නිසා එම අවස්ථාවේ එහි පැවති මංගල උත්සවයක නොසන්සුන් තත්වයක් ඇති විය.

පසුගිය 25 දා ඇඹිලිපිටිය නගරයේ ප‍්‍රධාන පෙළේ හෝටල් මංගල උත්සවවලින් පිරී තිබිණි. ඇඹිලිපිටිය උඩගම පිහිටි මංගල උත්සව ශාලාවක් මෙසේ නොසන්සුන් වූයේ එහි දිවා ආහාරය සඳහා තබා තිබූ කුකුළු මස්වල පණුවන් සිටීම හේතුවෙනි.

වහාම ක‍්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පිරිස ඇඹිලිපිටිය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරයාට සිද්ධිය දැනුම් දී ඇත. අනතුරුව මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරයා තවත් නිලධාරීන් සමග පැමිණ එම ස්ථානයේ සිටි පිරිස සමග සාකච්ඡා කර පැමිණිල්ලක් සටහන් කර මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළේය.

මෙහිදී මංගල උත්සවයේ සිටි පිරිස මේ පිළිබඳව කෑකෝ කැසීම හේතුවෙන් පොලීසියද කැඳවීමට සිදු විය. මෙහිදී අපහසුතාවයට පත්වූ පාර්ශ්වය මාධ්‍යවේදීන් මේ කටයුතු රූගත කිරීම පිළිබඳව විරෝධය පළ කළේය.

ඇඹිලිපිටිය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ නිලධාරීන් විසින් හෝටලයේ කළමනාකරු සහ කුකුළු මස් සාම්පල් ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට දැඩි අවවාද කර ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇත. පෙබරවාරි 01 දා
මෙම නඩුව නැවත කැඳවීමට නියමිතය

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඇඹිලිපිටිය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. සුබසිංහ මහතා කියා සිටියේ රත්නපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක, රත්නපුර නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ඇඹිලිපිටිය නගර සභාව, එක්ව මෙම පරීක්ෂණය සිදු කරන බවයි. මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලයද වාර්තාවක් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

 - ප‍්‍රගීත් ජනක-

No comments:

Post a Comment

Post Bottom Ad