මනාලයකුගේ පිහිටෙන් ගෙයක් හොයන්න ගිහින් 15 හැවිරිදි සිසුවිය අමාරුවේ වැටුන හැටි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 1, 2019

මනාලයකුගේ පිහිටෙන් ගෙයක් හොයන්න ගිහින් 15 හැවිරිදි සිසුවිය අමාරුවේ වැටුන හැටි

https://www.gossiplankanews.com/2019/02/15-school-girl-victim.html
නාලයකුගේ පිහිටෙන් ගෙයක් හොයන්නට ගිය 15 හැවිරිදි සිසුවියක අමාරුවේ වැටුන සිද්ධියක් වැල්ලම්පිටියෙන් වාර්තාවේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දිනක සති අග පුවත්පතක පළ කර තිබූ 25 හැවිරිදි රියැදුරකු වන තම පුතුට විවාහය පිණිස සුදුසු මනාලියක් මව සොයයි යනුවෙන් සඳහන් වූ මංගල යෝජනාවක් ඇස ගැටුණු 15 හැවිරිදි වියේ පාසල් යන
දියණියකගේ පියෙක් තමන්ගේ දියණියගේ අනාගත සැමියා ලෙස මෙම තරුණයා තෝරා ගනිමු යැයි සිතා එහි සඳහන්ව තිබූ දුරකථන අංකයට ඇමතුමක් දී තම දියණිය පිළිබඳව මනාලයාට දන්වා තිබේ.

ඉන්පසුව එළඹී නොවැම්බර් මස 03 වැනිදා තරුණයාගේ පාර්ශ්වයෙන් වැඩිහිටියන් වැල්ලම්පිටියේ පිහිටි තරුණියගේ නිවෙසට ගොස් තරුණිය සියැසින් දැක පළමු දිනයේදීම ඇය විවාහ කර ගැනීමට කැමැත්ත පළ කර ඇත. තම දියණිය පාසල් යන බවත් අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු විවාහය සිදු කර දිය හැකි බවත් තරුණියගේ මවුපියන් පවසා ඇත. තවමත් පාසල් යන බව පැවසූ

තරුණියට රුපියල් 12,000ක පාසලට අවශ්‍ය උපකරණ මිලදී ගත් තරුණයා එද තරුණියට තෑගි කර ඇත.

කුලී පදනම මත වැල්ලම්පිටියේ පදිංචිව සිට ඇති මනාලියගේ පාර්ශ්වය එතෙක් පදිංචිව සිටි නිවෙසේ ගිවිසුම් කාලය අවසන්ව ඇති බැවින් වෙනත් ස්ථානයක නිවෙසක් සොයන බව තරුණයාට පවසා ඇත්තේ කුලියට නිවසක් සොයා ගැනීමේ අරමුණ ඇතිවය. වත්තල -ගොංගිතොට පදිංචි තරුණයාගේ ලොකු අම්මාගේ නිවසේ ඉහළ මාලයේ කාමරයක් කුලියට දීමට ඇති බැවින් එහි පදිංචියට එන ලෙස තරුණයා විසින් තරුණියගේ මවුපියන්ට ආරාධනා කිරීමෙන් පසු තරුණියගේ මවුපියන් විවාහපේක්ෂිත දියණියද සමග එම නිවෙසට පදිංචියට පැමිණ ඇත.

තරුණයාගේ ලොකු අම්මාගේ නිවෙසට පදිංචියට යැමෙන් පසුව එකම දිනයක් පමණක් පාසල් යාමට තරුණිය නිවෙසින් පිටව ගොස් ඇත්තේ මාර්ග තදබදය නිසා වේලාසනින් යන බව පවසමිනි. කෙසේ නමුත් මාර්ග තදබදය හේතුවෙන් එක් දිනක් පාසල් ගිය ඇය මාර්ග තදබදය නිසා පාසල් යාමට නොහැකි වී යැයි පවසමින් පසු නිවෙසට පැමිණ ඇත. ඉන්පසුව දිනක පවුලේ ඥාතියකුගේ අවමගුලකට යන බව පවසා නිවෙසින් පිටව ගොස් ඇති මව - පියා සහ දියණිය පසුවදා නිවෙසට පැමිණ ඇත්තේ 

කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ද කැටුවය.

එසේ පැමිණි නිලධාරීන් විසින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් (බාල වයස්කාර) සිදු කිරීමේ වරද මත තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. ඉතා කෙටි කාලයකදී දැන හඳුනා ගත් මෙම යුවළ දෙදෙනාගේ කැමැත්ත මත තරුණයාගේ ලොකු අම්මාගේ නිවෙසේදී කීපවතාවකදීම ලිංගිකව එක්වී ඇත.

අනතුරුව ටික දිනකින් මෙම යුවළ අතර ගැටුම් හා මතභේද හට ගෙන ඇති අතර මතභේද උග්‍රවීමෙන් පසු තරුණිය තමාව වුණු ලිංගික අතවරය පිළිබඳව මවුපියන්ට පවසා ඇති අතර තරුණියගේ මවුපියන් සිද්ධිය සම්බන්ධව නීතියේ පිහිට පතා ඇත. බාල වයස්කාර ස්ත්‍රී දූෂණයකට අනුබල දීමේ වරදට තරුණයාගේ ලොකු අම්මාව පෙර දිනක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර ඇත.

බාලවයස්කාර තරුණිය දූෂණයට ලක් කළ රියැදුරු තරුණයා 29 වැනිදා කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය විසින් මහර අධිකරණයට ඉදිරිපත් කළ අතර රුපියල් ලක්ෂ 02 බැගිවූ ශරීර ඇප 2ක් හා රුපියල් 2,000ක මුදල් ඇප මත සැකකරුට ඇප ලබා දීමට නියෝග කළ මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සෑම මසකම අවසන් ඉරීදා කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට ඉදිරිපත් වී අස්සන් කරන ලෙසත් විදෙස් ගමන් තහනම් බවත් විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසත් නියෝග කළේය. විත්තිකාර තරුණයා වෙනුවෙන් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා අධිකරණයට කරුණු දැක්වීය.

-කුසුම් එස්.හැන්නදි-

No comments:

Post a Comment

Post Bottom Ad