කංචිපාන ඉම්රාන්ගේ ගෝලයෙකු කොලොන්නාවෙන් අල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

කංචිපාන ඉම්රාන්ගේ ගෝලයෙකු කොලොන්නාවෙන් අල්ලයි


ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වූ කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ
නිවාරණ කොට්ඨාසය කළ වැටලීමකදී ඊයේ රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලි නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 480 ක් ද පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

No comments:

Post a Comment

Post Bottom Ad