"ටයි කෝට් අඳින්නෙ නෑ - ඩොලරය අඩු කරනවා" - ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනත් දේශපාලනයට? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

"ටයි කෝට් අඳින්නෙ නෑ - ඩොලරය අඩු කරනවා" - ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනත් දේශපාලනයට?

රට පාලනය කිරීමට හැකියාවක් නොමැති නම් එය නිසි ලෙස කළ හැකි පුද්ගලයකුට දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

තමන් දේශපාලනයට පිවිසෙනවා නම් පිවිසෙන්නේ වැඩ කර පෙන්වීමට බවට ඒ මහතා ප්‍රකාශ කළේය.

ඩඩ්ලි සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කඩවත. මහර ප්‍රදේශයේ සිය කාර්යාලයේ කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමිනි.

රට විනාශ කළේ ටයි කෝට් අඳින පුද්ගලයින් විසින් බව පැවසූ ඒ මහතා ඊට විරෝධය පළ කරමින් තමන් රට තුළ හෝ රටින් පිටත සීතලට මිස ටයි කෝට් හැඳීමක් සිදු නොකරන බව ද ඒ මහතා අවධාරණය කළේය.

ඩොලරයේ අගය නොනැවතී ඉදිරියට යන බවත් රජයට ඊට විසඳුම් නොමැති බවත් පැවසූ ඒ මහතා තමන්ගෙන් උපදෙස් ලබාගන්නේ නම් මාස තුනෙන්, හයෙන්, නවයෙන්, දොළහෙන් වශයෙන් කලින් කියා ඩොලර් ඉතිරි කරදී පෙන්වන බව ද ඒ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad