"ක්‍රිකට් පාලනයට මං වගේ කෙනෙක් ලොවෙත් නෑ" - තිලංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

"ක්‍රිකට් පාලනයට මං වගේ කෙනෙක් ලොවෙත් නෑ" - තිලංග

රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ක්‍රිකට් පාලන මණ්ඩලවල සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියා තමන් බැවින් තමන් තරම් ක්‍රිකට් පිළිබඳ අත්දැකීම් ඇති අයෙක් ශ්‍රී ලංකාවේ තබා ලෝකයේවත් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ක්‍රිකට් නිලවරණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ක්‍රිකට් නිලවරණයට තිලංග සුමතිපාල මහතා ඉදිරිපත් නොවුණු නමුත් ඉන් ජයග්‍රහණය කළේ සුමතිපාල මහතාගේ සහයෝගය ලැබූ ෂම්මි සිල්වා ඇතුළු පාර්ශ්වයයි.

එහෙයින් "කිඹුලා වෙනුවට හූනන් දිනා ඇති බවට" සිදු කෙරෙන ප්‍රකාශ පිළිබඳ පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ තමන් සහාය දුන් කණ්ඩායම ජයගෙන ඇති බැවින් තම වගකීම වන්නේ අවශ්‍ය තැනදී මැදිහත් වෙමින් සිය දැනුම සහ අත්දැකීම් ක්‍රිකට් පරිපාලනය වෙත ලබාදීම බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad