මැතිවරණ කොමිසම ඩිජිටල්කරණයට සැරසෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 1, 2019

මැතිවරණ කොමිසම ඩිජිටල්කරණයට සැරසෙයි

මැතිවරණ කොමිසම ඩිජිටල්කරණයට සැරසෙයි

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර තිබේ.ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පැවැසීය.

මැතිවරණ කොමිසම ඩිජිටල්කරණය කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල්කරණය කිරීමෙන් ඉදිරි මැතිවරණ කටයුතු පහසුවෙන් මෙන්ම කඩිනමින් කිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යාවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad