ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(05) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කරයි.
දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංගණය කරමින් වයස අවුරුදු 45 ඉක්ම වූ දුම්රිය සේවකයින් 12 දෙනෙකු රියදුරන් ලෙස බදවා ගැනීමට එරෙහිව එම වර්ජනය දියත් කරන බව හෙතෙම කියා සිටී.
මේ අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සියලූම දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසයි.
රඹුක්කන සහ කඩිගමුව අතර ප්‍රදේශයේදී පොල්ගහවෙල සිට මහනුවර බලා යන දුම්රියක් අද උදෑසන කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇති වන බව පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.
Monday, March 4, 2019
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment