මෙවර අයවැයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් රුපියල් 2,500කින් ඉහළ යනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.
එමෙන්ම මෝටර් රථ මිල ගණන් ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් ගමන් බලපත‍්‍ර ගාස්තු ද මෙවර අයවැයෙන් ඉහළ යනු ඇති.
දුම්වැටි සහ මත්පැන් මිලද මෙවර අයවැයෙන් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.
කාර්යයබහුල වේලාවන්හිදී අධිවේගී මාර්ග ගාස්තු සඳහා ද රුපියල් 100ක බද්දක් පැනවෙනු ඇති.
වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලුවට ද මෙවර අයවැයෙන් ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් අද (05) ප‍්‍රකාශ කළේ.
මේ අතර 2019 අයවැය යෝජනාවට අද (05) පෙරවරුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද රැස්වූ අවස්ථාවේදීයි.
2019 අයවැය යෝජනාව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද පස්වරු 02.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද රාතී‍්‍ර 07.00ට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න විසින් අයවැය යෝජනාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Monday, March 4, 2019
මෙවර අයවැයෙන් ඉහළ යන බවට වාර්තා වෙන අංශ මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment