‘කංජිපානි ඉම්රාන්’ ඩුබායිවලින් පිටුවහල් කෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 27, 2019

‘කංජිපානි ඉම්රාන්’ ඩුබායිවලින් පිටුවහල් කෙරේ

‘කංජිපානි ඉම්රාන්’ ඩුබායිවලින් පිටුවහල් කෙරේ

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් මෙරටට පිටුවහල් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව අද උදෑසන ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් බවයි.

ඔහුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad