“විදුලි අර්බුදය විසදා ගැනීමට අපට හැකියාව ලැබේවා - අලුත් අවුරුද්දට විදුලි කප්පාදුවක් නැහැ" - රවී - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 29, 2019

“විදුලි අර්බුදය විසදා ගැනීමට අපට හැකියාව ලැබේවා - අලුත් අවුරුද්දට විදුලි කප්පාදුවක් නැහැ" - රවී

“විදුලි අර්බුදය විසදා ගැනීමට අපට හැකියාව ලැබේවා - අලුත් අවුරුද්දට විදුලි කප්පාදුවක් නැහැ

සිංහල හින්දු අළුත් අවුරුද්ද කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

විදුලි අර්බුදය විසදා ගැනීමට අපේක්ෂාවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්ස්ගේ ආශිර්වාදය පතා සිදුකළ ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ දිනවල පවතින උග්‍ර ජල හිගය නිසා විදුලය උත්පාදනය කිරීමේ ගැටළුවක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා. අපි ජනතාවගෙන් මීට පෙර කළ මේ ඉල්ලීමට ජනතාව විසින් යහපත් ප්‍රතිචාර දක්වලා තිබෙනවා. රාත්‍රී කාලයේදී පැවති ඒකක 3600 – 3700 ක් පමණ වූ විදුලි ඉල්ලුම, මේ වනවිට ඒකක 3200 ක් පමණ දක්වා අඩුවෙලා තිබෙනවා. මේ පිළිබදව අපි ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි. මේ උග්‍ර ප්‍රශ්නය තිබෙන්නේ තවත් දින 10 ක් වගේ කාලයකට පමණයි. අපි පොරොන්දු වෙනවා සිංහල හින්දු අළුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ කියලා. නැවතත් මෙවැනි ගැටළු ඇති නොවන පරිදි අපි සම්පූර්ණයෙන් වගබලා ගන්නවා. අපි අකමැත්තෙන් වුවත් පිළිගත යුතුයි මෙම තත්ත්වයට හේතුව තමයි ස්ථිරසාර ජනන වැඩපිළිවෙලක් ඇති නොකිරීමේ ප්‍රථිවිපාකයි මේ.”

No comments:

Post a Comment

Post Bottom Ad