රත්ගම ඝාතනය : තවත් තිදෙනෙකු බන්ධනාගාරගත කෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

රත්ගම ඝාතනය : තවත් තිදෙනෙකු බන්ධනාගාරගත කෙරේ

රත්ගම ඝාතනය : තවත් තිදෙනෙකු බන්ධනාගාරගත කෙරේ

රත්ගම බුස්ස රත්නඋදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ  බව කියන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකු මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන  ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා  ඊයේ (05) නියෝග කළේය.‍

 පොලිස් නිලධාරින් තිදෙනා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබ තිබුණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලේපෙරුම ආරච්චිගේ සමන් රෝහණ , උපපොලිස් පරික්ෂක තිලකරත්න සහ කොස්තාපල් උපුල් රංජිත් යන තිදෙනා වෙති.

මෙම පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මෙයට පෙර  අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා , උපපොලිස් පරික්ෂක විරාජ් මධුසංක , කොස්තාපල් සංජය චානක සහ වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි තුෂාර නලින්ද යන සිවුදෙනාද 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් සංඛ්‍යාව හතකි.

එම හත් දෙනාගෙන් හයදෙනෙක්ම පොලිස් නිලධාරින් වන අතර එක් අයෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් හතළිහකට ආසන්න පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad