පළාත් පාලන, මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල නුසුදුසුකම් සහිතව ඡන්දය ඉල්ලූ බොහෝ පිරිසක් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අදාළ මැතිවරණ වලට ඉදිරිපත් මන්ත්‍රීධූර ලබාගෙන සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ආරම්භ කර ඇති විමර්ශනය සම්බන්ධයෙන් එහි සභාපති දේශප්‍රිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ.
එම සොයා බැලීමේදී මැතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුසු අය මන්ත්‍රීවරුන් ලෙස පත් වී සිටී නම් ඒ අය මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද හින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රී ධූරයක් දරමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ක්‍රිෂ්ණාපාලන් ත්‍යාගරාජා මහතාගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමට මැතිවරණ කොමිසම මේ වන විට ද පියවර ගෙන තිබේ.
කුරුණෑගල සහකාර මැතිවරණ කොමසාරිස් මගින් අදාල මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද මැතිවරණ කොමිසම කටයුතු යොදා ඇත.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල මහතා සභාපති ධූරයෙන් මෙන්ම මන්ත්‍රීධූරයෙන් ඉවත් කරනු ලැබුවේ ඔහු අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් නිදි අයකු වූ නිසා බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
Thursday, March 21, 2019
මැකෝ නුසුදුසු මන්ත්‍රීලා අල්ලලා දොට්ට දැමීම අරඹයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment