වාණිජ බැංකුවලටත් සොරි; කබ්රාල් ඒවායේ ඩොලරුත් මහ බැංකුවට අදියි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 29, 2021

වාණිජ බැංකුවලටත් සොරි; කබ්රාල් ඒවායේ ඩොලරුත් මහ බැංකුවට අදියි!

මෙරට වාණිජ බැංකු සිදු කරනු ලබන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් අනිවාර්යයෙන්ම සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට වන නියෝගයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිකුත් කර තිබේ.

2021 දෙසැම්බර් 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව සියලුම වාණිජ බැංකු තමන් සතුව ඇති ඩොලර් වලින් 75%ක් රඳවා ගනිමින් ඉතිරි 25% සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකිණිය යුතුය.

මේ පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් පළකරන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ බැංකු සතුව ඇති ශුද්ධ විදේශ වත්කම් මේ වන විටත් ඍණ අගයක් ගෙන තිබෙන පසුබිමක මහ බැංකුවේ මේ නියෝගය හේතුවෙන් බැංකු පද්ධතිය විශාල අර්බුදයකට ගමන් කරනු ඇති බවයි.

මේ පිළිබඳ අරුණ කරන ලද විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නේ දැනට රටේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය සහ අන්තර් භාණ්ඩ සීමා සහිත ආනයනයට මෙම නියෝගයෙන් තවදුරටත් බලපෑම් එල්ලවනු ඇති බවයි.

විශේෂයෙන් ආනයනකරුවන්ට බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad