"එජාපය එක්ක ආයෙත් ජාතික ආණ්ඩු හදන්නේ නැහැ" - තිලංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 26, 2019

"එජාපය එක්ක ආයෙත් ජාතික ආණ්ඩු හදන්නේ නැහැ" - තිලංග

එක්සත් ජාතික පක්ෂය සමඟ නැවත ජාතික ආණ්ඩු සෑදීමේ කිසිදු සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා යම් සාකච්ජාවක් පැවැත්වෙන බවට පළවන පුවත් අසත්‍ය බවයි සුමතිපාල මහතා කියාසිටියේය.

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදායින් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ නැවත ආණ්ඩු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad