ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාර ගන්නා කාලය අදින් අවසන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාර ගන්නා කාලය අදින් අවසන්

ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාර ගන්නා කාලය අදින් අවසන්

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනිමේ කාලය අදින් අවසන් විමට නියමිතව තිබේ.

ඒ අනුව ඊයේ (06) දිනය වන විට දූෂණ වංචා සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 412 ක් ලැබී ඇති බව එම කොමිශන් සභාව සඳහන් කළේය.

ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි 150ක් පමණ පරික්ෂා කර ඇති අතර ඉන් 10 ක් මූලික විමර්ශන කටයුතු සඳහා කොමිසම යටතේ ඇති විශේෂ විමර්ශන පොලිස් ඒකකයට භාර දී ඇති බව සඳහන්.

කොමිසම සඳහා පැමිණිලි භාර ගැනීම හෙට පස්වරු 05.00 න් අවසන් වුවද කොමිශන් සභාවේ විමර්ශන කටයුතු ඉන් අනතුරුව දීර්ඝ වශයෙන් සිදු කෙරෙන අතර කඩිනමින් සාක්ෂි විභාගය ආරම්භ කරන බව ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad