අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු පැය ගණන ඉහළට? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 27, 2019

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු පැය ගණන ඉහළට?

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු පැය ගණන ඉහළට?

දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් දෙදහස් තුන්සියයකට අධික බවත්, විදුලි ඉල්ලුම ඉහළ ගියද, ජල විදුලි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවත් එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.පී. ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ නිසා ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කර මණ්ඩලයට සහයෝගය ලබාදිය යුතු බවත්, එවැනි තත්ත්වයක් මත සිංහල අලුත් අවුරුදු සමය වනතෙක් දැනට සිදුකරන විදුල් කප්පාදුව සිදුකළ හැකි බවද පවසා ඇත.

2015 වසරේදී ඉදිකිරීමට සැලසුම් කළ සාම්පූර් විදුලි බලාගාරය ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ නම්, මෙවැනි තත්ත්වයක් උදා නොවන බවත්, එහෙත් විවිධ හේතු නිසා එය සිදු නොවූ බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

සාම්පූර් බලාගාරයෙන් මෙගාවොට් පන්සියයක විදුලි බලයක් ලැබීමට නියමිතව තිබූ බවත්, වර්තමානය වනවිට පද්ධතියට අවශ්‍ය වී ඇත්තේ මෙගාවොට් තුන්සියයක ප්‍රමාණයක් බවත්ඔහු සඳහන් කළේය.

(අද)

No comments:

Post a Comment

Post Bottom Ad