
මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද හා බැනියම අදින කෙනේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.
“නිසැකවම කියනවා ඊළඟ ජනපති වෙන්නෙත් රෙද්ද බැනියම අඳින කෙනෙක්. මට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ වගේම පළි ගන්නේ නැති නායකයෙක්. පසුගිය රජයවල් හැම එකක්ම රජයට විරුද්ධව කථා කළ මාධ්‍යවේදින්ට හා වෙනත් අයට ගැහුවා, ඒ අයව මැරුවා. ඒ වගේ කෙනෙක් එනවට මම කැමති නෑ. මම එහෙම කෙනෙක්ට සහාය දෙන්නේ නෑ. මම ඔහුට විරුද්ධව වැඩ කරනවා කවුරු වුණත් කමක් කෑ.”
No comments:
Post a Comment