ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ක්‍රියා කළ ඇමැති නවීන් දිසානායක හා ජනාධිපති ලේකම් ඇතුළු පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. ඉදිරියේ බලයට පත්වන සාධාරණ ආණ්ඩුවක් යටතේ මෙම පියවර ගන්නා බව උන්වහන්සේ පැවැසුවේ ඊයේ (21දා) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ග්ලයිෆොසේට් භාවිතය නිසා ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට වකුගඩු, පිළිකා වැනි බරපතළ රෝග වැලඳී ඇති බවත් 2005 වර්ෂයේදී ලියාපදිංචි වූ වකුගඩු රෝගී සංඛ්‍යාව 5000ක් වුවද වර්තමානය වනවිට වර්ෂයකට මෙම රෝගය වැලඳෙන පිරිස 28,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රතන හිමියෝ පැවැසූහ.
ඇමෙරිකාව තුළ මෙම ග්ලයිෆොසේට් නිෂ්පාදනයට එරෙහිව නඩු පවරා එම සමාගම් තහනම් කර ඔවුන්ට දඬුවම් ලබාදී ඇති බවත් එසේ සිදු කර ඇත්තේ මේ තුළින් ජනතාවට පිළිකා වැනි දරුණු රෝගයන් වැලඳී ඇති නිසා බවත් පැවැසූ උන්වහන්සේ ලංකාවේ අධිකරණය සාධාරණ නඩු විනිශ්චයට ගැනීම ප්‍රමාද කරන බැවින් සාධාරණ ආණ්ඩුවක් පැමිණිවිට ‘ග්ලයිෆොසේට්’ තහනම ඉවත් කිරීමට කටයුතු කළ සියලු දෙනාට නඩු පැවැරීමට කටයුතු කරන බවද උන්වහන්සේ පැවැසූහ.
ජයත් ශ්‍රී බණ්ඩාර
Thursday, March 21, 2019
නවීන්ටයි ජනපති ලේකම්ටයි නඩු දානවා - රතන හිමි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment