අපි තරම් ජනයාට පිහිට වුණු ආණ්ඩුවක් ලොවෙත් නෑ... අනෙත් රටවල් මිනිස්සු මැරෙන්න ඇරියා - බන්ධුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 9, 2020

අපි තරම් ජනයාට පිහිට වුණු ආණ්ඩුවක් ලොවෙත් නෑ... අනෙත් රටවල් මිනිස්සු මැරෙන්න ඇරියා - බන්ධුල

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තරම් ජනතාවගේ ප්‍රශ්නවලට පිහිට වුණු ආණ්ඩුවක් ලෝකයේම නොමැති බවත් ලොව අනෙත් රටවල සාමාන්‍ය ක්‍රමවේදය වූයේ මැරෙන අය මැරෙන්නට ඉඩහැරීම බවත් කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
"මේ දක්වා ලංකා රජය තරම් ලංකා ආණ්ඩුව තරම් මේ ජනයාගේ ප්‍රශ්නයට පිහිට වෙච්ච ආණ්ඩුවක් අනිත් රටවලින් වාර්තා වෙන්නෙ නෑ.

අනිත් රටවල සාමාන්‍ය ක්‍රමය ලෙස කියලා තියෙන්නෙ "මැරෙන අය මැරෙනවා, පුලුවන් අය බේරගන්නවා, තම තමන් ගෙවල්වලට වෙලා ඉන්න !" එච්චරයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad