කාකි ඇඳුම වෙනස් කිරීමට ජනපති සැරසෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 29, 2019

කාකි ඇඳුම වෙනස් කිරීමට ජනපති සැරසෙයි

කාකි ඇඳුම වෙනස් කිරීමට ජනපති සැරසෙයි

දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා  අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීමට පොලිසිය තුළ සිදුකරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් පියවරක් ලෙස ඉදිරියේ දී මෙලෙස පොලිස් නිල ඇඳුමේ ද යම් වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන ගෙවීගිය මාස කිහිපය තුළ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මෙන්ම අභ්‍යන්තරව සිදු කළ යුතුව තිබූ වෙනස්කම් රැසක් සිදු කිරීමට ද පියවර ගත් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad