සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද කියයි

සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද කියයි

ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂපයට අයත් පක්ෂ නායකවරුන් සමඟ ඊයේ (05) සවස පැවති රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අද (06) පැවැත්වීමට නියමිත හමුව පිළිබඳවද සාකච්ඡා කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායකවරයා වශයෙන් විපක්ෂයේ සිටින සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම පරිදි අද දින යෝජිත සාකච්ඡාව පැවැත්වෙන බවත් ටී.එන්.ඒ ඇතුළු වෙනත් විපක්‍ෂ කණ්ඩායම්ද ඉල්ලීමක් කළහොත් රටට වැදගත් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. 

අද දින ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාවට මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමාද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මැතිතුමාද සහභාගී වන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad