ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා කිසිවිටකත් එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
කැළණිය ප්‍රදේශයේ පැවති ඊයේ (26) උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ජාතික ආණ්ඩුවක් සෑදිය හැකි වුවත් පෙර පරිදි එකතු වීමේ බලාපොරොත්තුවක් නොමැති බව ද කියා සිටි මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවති දීගය අතහැර දැන් දික්කසාද වී ඇති බව ද පැවසීය.
දවල් වැටුණ වලේ-රෑ වැටීමට කිසිසේත්ම සුදානමක් නොමැති බව ද කියා සිටි ෆොන්සේකා මහතා, එක්සත් ජාතික පක්ෂයේ නායකයා නිසකයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ද සඳහන් කළේය.
එජාපයේ නායකත්වයට සුදුසු නම් නිසැකයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බව ද පැවසු මන්ත්‍රීවරයා, එවැන්නක් වුනොත් ඔහු ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව ද පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ නායකයා පමණක් තරග කළ යුතු බවයි.
Tuesday, March 26, 2019
රනිල්ව ජනපති සටනෙන් දිනවන්න ෆොන්සේකා පෙරට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment