සිනමන් ග්‍රෑන්ඩ් පිපුරවූ ඉන්ෂාෆ්ගේ දේපළ ප්‍රහාරයට සති 3 කට පෙර දරුවන්ට ලියලා : Easter Bombings Sri Lanaka | Gossip 99 - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

සිනමන් ග්‍රෑන්ඩ් පිපුරවූ ඉන්ෂාෆ්ගේ දේපළ ප්‍රහාරයට සති 3 කට පෙර දරුවන්ට ලියලා : Easter Bombings Sri Lanaka | Gossip 99

පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ තඹ ව්‍යාපාරික මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ට අයිති දේපල ප‍්‍රහාරයට පෙර ඔහු සිය දරුවන්ට සහ සහෝදරයින්ට පවරා ඇති බව වාර්තාවේ.

ඔහු මෙවැනි දෙයක් කරන්නට යන බවට බිරියට පවා සඟවා තිබූ අතර සැම්බියාවට යන බව පවසා සිකුරාදා නිවසින් පිටත්ව ගොස් තිබුණි. කුලුබඩු ව්‍යාපාරික යුසුෆ්ගේ පවුලේ පුතෙකු වන ඉන්සාෆ් සහෝදරයින් 8 ක් හා සහෝදරියන් 3 දෙනෙකුගේ පවුලකට අයත්ය. ඔහු මහනුවර හා දෙමටගොඩ නිවෙස් දෙකේ වරින්වර ජීවත්විය.ඉන්සාෆ් අහමඩ්ට අයිති දේපල ප‍්‍රහාරයට පෙර ඔහු සිය දරුවන්ට සහ සහෝදරයින්ට පවරා ඇති අතර ඔහුට අයත්ව තිබූ වැල්ලම්පිටියේ පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 450ක වත්කම් ඔහුගේ දරුවන් සිව් දෙනෙකුට තැගි ඔප්පුවක් මගින් ලබාදී ඇති බවත්, ඔහු සහ මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉල්හාම් මොහොමඩ් නැමැත්තන්ට අයත් කොළඹ ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 100ක් වටිනා දේපල සහෝදරයෙකුට පවරා ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

ඉන්ෆාස්ට අයත් රුපියල් ලක්ෂ 500ක් වටිනා ඉඩමක් සහ මාතලේ පිහිටි ලක්ෂ 110ක් වටිනා ඉඩමක් පෞද්ගලික සමාගම් 02කට ලබාදී ඇත.

ඔහු මෙම සියලු දේපල ප්‍රහාරයට සති 3 කට පෙර පවරා තිබීමද විශේෂත්වයකි. ඔහු මේවා නීතීඥයෙකු මගින් පවරා ඇත්තේ මාර්තු මස 29 වැනිදා සහ අප්‍රේල් පළමු වැනිදා යන දිනවලයි.

මීට අමතරව ඔහු සතු ජංගම දුරකතන සහ ලැප්ටෝප් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඔහු යටතේ සේවය කළ සේවකයින් දෙදෙනෙකුට ලබාදී ඇති බව වාර්තා විය.

ශැන්ග්‍රීලා සහ සිනමන් හෝටල්වලට පහරදුන් එකම පවුලේ ත්‍රස්තවාදීන් දෙන්නා


සිනමන්ග්‍රෑන්ඩ් සහ ෂැන්ග්‍රිලා හෝටල අවන්හල් දෙකේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බව කියන තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ් හා ඔහුගේ සොයුරු ඉල්හාම් අහමඩ් දෙදෙනගේ ඡායාරූප මුල්වරට ප්‍රසිද්ධ කර තිබේ.

දෙමටගොඩ පදිංචි කෝටිපති කුළුබඩු ව්‍යාපාරික යුසුෆ් ඊබ්‍රාහීම්ගේ දරුවන් 11 දෙනාගෙන් (පුතුන් 8- දියනියන් 3) පුතුන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනාම කොළඹ උසස් පාසල්වල ඉගෙන ගෙන පසුව වැඩිදුර අධ්‍යාපනය එංගලන්තයේ ලබා සිටි අයය. ව්‍යාපාරික වශයෙන්ද සාර්ථකත්වයක් පෙන්වූ ඉම්ෂාෆ් අහම්ඩ් හට

තඹ ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් වැල්ලම්පිටියේ තිබුන අතර ඔහු විවාහයෙන් පසු මහනුවර නිවසක පදිංචිව සිටියේය. 38 හැවිරිදි ඉන්ෂාෆ්ට වයස 8 ක දියණියකද 6,4 හා 2 වයස්වල පිරිමි දරුවන් තුන් දෙනෙකුද සිටි බව පැවසේ. ඉන්ෂාම් හා පියා යූසුෆ් සිය ව්‍යාපාරික සාර්ථකත්වය වෙනුවෙන් සම්මානයටද පාත්‍රවූ අයයි. ඇමති සූජීව සේනසිංහ අතින් ඔහු පියා සමග සම්මාන ගන්නා ඡායාරූපයක්ද ප්‍රසිද්ධව ඇත.


වරින්වර කොළඹ පියාට අයත් නිවසේ හා ඔහුගේ මහනුවර ඔහු නිවසේ ජීවත්වී ඇත.

ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රොබේන් අවන්හලේ පුපුරුවාගැනීම තනිව කළේය. තම බිරියටද ඒ් බව වසන් කළ ඔහු ඇයට පවසා තිබුනේ සැම්බියාවේ සංචාරයකට යන බවකි.

ඔහුගේ පියාගේ දෙමටගොඩ නිවස අසළ තිබුණ ඔහුට අයත් සුදුපැහැති බීඒම්ඩබ්ලිව් කාර් රථයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සලකුණු සහිත වතුර බෝතල්ද තිබුණ අතර ඔහු බොම්බය පුපුරවන්නට පෙර හෝටලයට වරින්වර ගොස් පෙරහුරු පවත්වා ඇති සෙයක් දිස් විය.

දෙමටගොඩ මහවිල මාර්ගයේ මහල් 3කින් යුත් සුඛෝපභෝගී නිවසේ නිදන කාමර 6 ක් තිබී ඇත.

ඉම්ෂාෆ්ගේ සොයුරු 36 හැවිරිදි ඉල්හාම් සිය පවුල සමග ජීවත්වුයේ පියාද සමග ඒ නිවසේය. ඉල්හාම් ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරවීම තවත් සගයෙකු සමග එක්වී සිදු කළ බව මේවනවිට තහවුරුවී ඇත.

පිපුරුමට පෙර හෝටලයේ නැවතී සිට ඇති ඔහු 21 වනදා උදෑසන ආහාර අවස්තාවේ විදුලි සෝපානයෙන් 3 වන තට්ටුවට බැස ටේබල් වන් ආපන ශාලාවට යන අයුරු සීසීටීවී පටිගතවී ඇත.

සිද්ධිය වූ දිනයේ සවස දෙමටගොඩ නිවස පොලිසිය වටළන ලද අවස්ථාවේ දෙවැනි පිපුරුමෙන් මියගියේ ඉල්හාම්ගේ ගැබිණි බිරිය හා පිරිමි දරුවන් තිදෙනෙකි.












No comments:

Post a Comment

Post Bottom Ad