Loading...
මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන එන ගුවන් යානයෙන් ඩුබායි පොලිස් නිලධාරීන් සිව්දෙනකු ද පැමිණීමට නියමිතව ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් zදිවයිනZට පැවසීය.
මධුෂ් සහ ගායක අමල් පෙරේරා ද මෙදින ඩුබායි සිට රැගෙන එන අතර එහිදී ඔවුන්ගෙන් ලබාගත් කටඋත්තර සියල්ලම ඩුබායි පොලිසිය මගින් ආරක්‍ෂක අමාත්‍යාංශයට භාරදීමට ක්‍රියා කරනු ඇත.
ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක අමාත්‍යාංශය ඩුබායි රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා මෙසේ කටුනායකට රැගෙන එනු ලැබේ.
මොවුන් කටුනායකට රැගෙන එන අවස්‌ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යෙදවීමටද පියවර ගෙන ඇත.
-දිවයින පුවත්පත

No comments:
Post a Comment