මෙතෙක් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම බාධාව ඉවත් කළ ද රට තුළ පවතින තත්ත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කරන ලෙසයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟ සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරු වීම වැළැක්වීමේ අරමුණින් ෆේස්බුක්, වයිබර් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍යයන්ට පිවිසීම පසුගිය 21 වන දා පස්වරුවේ සිට අවහිර කිරීමට රජය කටයුතු කළා.

No comments:
Post a Comment