කළු ඟගේ ජලය බීමට සුදුසු නෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 13, 2019

කළු ඟගේ ජලය බීමට සුදුසු නෑ

කළු ඟගේ ජලය බීමට සුදුසු නෑ

කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවලට නිකුත් කෙරෙන ජලය තවදුරටත් පානය කිරීම සඳහා සුදුසු තත්ත්වයට පත්ව නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති කේ.එච් අන්සාර් මහතා පෙන්වා දෙන්නේ ලුණු මිශ්‍ර එම ජලය තවදුරටත් සෙසු කටයුතු සඳහා පමණක් යොදාගන්නා ලෙසයි.

එම ප්‍රදේශවල පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස බවුසර් මඟින් ජලය සැපයීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන අතර පැය 24 පුරාම ජලයේ සංයුතිය වෙනස්වීම නිරීක්ෂණයට ලක් කෙරෙන බව ද ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කේ.එච් අන්සාර් මහතා වැඩිදුටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad