වැල්ලවත්ත දුම්රිය ස්ථනය ආසන්නයෙන් ත්‍රිරෝද රථයක පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 26, 2019

වැල්ලවත්ත දුම්රිය ස්ථනය ආසන්නයෙන් ත්‍රිරෝද රථයක පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ


වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ නවතා තිබු සැකකටයුතු ත්‍රිරෝද රථයක තිබී සී-4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සොයා ගැනීමට වෙරළාරක්ෂක බළකායට අනියුක්තව රාජකාරියේ නියුතු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙක් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධව සැකකරුවන් තිදෙනෙක් ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියා.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය, සැකකරුවන් ත්‍රිරෝද රථය යුධ හමුදාවට භාරදීමට පියවර ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad