
ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විනිවිද භාවයෙන් යුතුව විධිමත් පරික්ෂණයක් දැනට ක්‍රියාත්මක බවත් රජය පාර්ශ්වයෙන් අඩුපාඩුවක් සිදු වී ඇති බව පිළිගන්නවා බවත් විධිමත් පරික්ෂණයකින් පසුව ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ජාතික ආරක්ෂාව පිළිබඳව රටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තවදුරටත් තබා ගන්න. අපට ජාතික ආරක්ෂාව සැලසීමට සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම රමුවක සිටයි. කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූවාට පසුව මෙවැනි ම්ලේච්ඡත්වයක් නිර්මාණය වේ යැයි කියා අප සිහිනෙන් වත් සිතුවේ නැහැ. එම ම්ලේච්ඡත්වයට නිසි දඩුවම් ලබා දීමට අප කටයුතු කරනවා. මේ උතුම් පුදබිමේ ත්‍රස්තවාදයට ඉඩක් නැහැ. ඕනෑම ත්‍රස්තවාදයක් සුණු විසුණු කිරීමට අප සැදී පැහැදී සිටිනවා.”
"එසේම ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ පූජ්‍යස්ථාන වන කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකළපුවේ සියෝන් දෙවස්ථානය අංගසම්පූර්ණව නැවත ගොඩනැගීමේ කටයුතු සංස්කෘතික අමාත්‍යාංශය මඟින් අද දින සිටම ආරම්භ කරනවා"යැයි වැඩිදුරටත් පැවැසීය.
No comments:
Post a Comment