හමුදා කඳවුරේ මිනුම් කටයුතු කරන්න ආ පිරිස සිවාජිලිංගම් විරෝධය පා ආපසු හරවා යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 11, 2019

හමුදා කඳවුරේ මිනුම් කටයුතු කරන්න ආ පිරිස සිවාජිලිංගම් විරෝධය පා ආපසු හරවා යවයි

හමුදා කඳවුරේ මිනුම් කටයුතු කරන්න ආ පිරිස සිවාජිලිංගම් විරෝධය පා ආපසු හරවා යවයි

යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) උදෑසන පැමිණි මිනින්දොරු වරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පලාත් මන්ත්‍රී වරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මණ්තිව්හි නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාවය පැවති අතර එහිදී අද දින අදාල නාවික හමුදා කඳවුරු භූමිය ිශාල කිරීම සඳහා අවශ්‍ය කරන මැනුම් කටයුතු වෙනුවෙන් මිනින්දොරුවරුන් පැමිණි වාහනය හරස් කරමින් එයට ගමන් කිරීමට නොහැකි වන අයුරින් විරෝධතාවයේ නිරත වීමට හිටපු මන්ත්‍රී වරයා ඇතුලු පිරිස පියවර ගෙන තිබුණි.

අදාල පිරිසේ විරෝධතාවය හේතුවෙන් මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දොරුවරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක නැවත පැමිණෙන බව පවසමිනි.

නමුත් විරෝධතාවයේ නිරත සිවාජිලිංගම් ඇතුලු පිරිස පවසා ඇත්තේ මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට ගෙන ඇති තීරණයට තම ජනතාව කිසිසේතම එකඟ නොවන බවටත් තිබෙන ප්‍රමාණයට වඩා එක අඟලක් හෝ භූමිය ලබා දීමට එරෙහිව විරෝධතාවය ඉදිරියටත් පල කරන අතරම එම ඉඩම් සාමාන්‍ය වැසියන්ට ලැබිය යතු බවටත්ය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad