ත්‍රස්තවාදි පුහුණුව ලබා සැගව සිටි ප්‍රධාන ලද ප්‍රධාන පෙලේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 27, 2019

ත්‍රස්තවාදි පුහුණුව ලබා සැගව සිටි ප්‍රධාන ලද ප්‍රධාන පෙලේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනී

පාස්කු ඉරුදින බොම්බ පිපිරිවිමට සම්බන්ධ ත්‍රස්තවාදි පුහුණුව ලබා සැගව සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් යුධ හමුදාව මගින් අද (28) අලුයම අත්අඩංගුවට ගෙන ගම්පොල පොලිසියට භාර දි ඇති බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

නාවලපිටිය නගරයේ මුස්ලිම් පල්ලි අරාබි විදුහල් සහ සැක සහිත ස්ථාන යුධ හමුදාව , නාවලපිටිය පොලිසිය , පොලිස් විශේෂ කාර්යය බලකාය ,ඊයේ (27) දින සිදු කල සොදිසි මෙහෙයුමකදි අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ගම්පොල නගරයේ පාවහන් වෙළදසැලක සැගවි සිටින බවට ලබාදුන් තොරතුරක් මත නාවලපිටිය පොලිසිය මගින් එ පිලිබදව යුධ හමුදාව වෙත දැනුම් දිමෙන් අනතුරුව අද අලුයම එම ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනා යුධ හමුදාව මගින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දි ඇත.

නාවලපිටිය පොල්වතුර ප්‍රදේශයේ මෙම සැකකරුවන් දෙදෙනා සැගව සිට වැන් රථයක් මගින් පසුව එම සැකකරුවන් දෙදෙනාව ගම්පොල ප්‍රදේශයට ප්‍රවහන කර ඇත.

එම සැකකරුවන් දෙදෙනා ප්‍රවහනය කල වැන් රථයද නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි නාවලපිටිය පොලිසිය මගින් එම නිවසේ අයිතිකරු සහ වැන් රථය අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහෝදරයන් වන අතර එම සැකකරුවන් දෙදෙනා ආරක්ෂ අංශ වෙත අවශ්‍යයව සිටි සැකකරුවන් දෙදෙනෙකු බවටද මාධ්‍යය මගින් පසුගිය දිනවල දැනුම් දි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය සහ ගම්පොල පොලිසිය වෙන වෙනම පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad