"අපි කිව්වා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියලා - ඒත් ඇහුවේ නැහැ" - අකිල - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

"අපි කිව්වා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියලා - ඒත් ඇහුවේ නැහැ" - අකිල

අභ්‍යන්තර කටයුතු සියල්ල දැන්වත් එක් තැනකට ඒකරාශී කළයුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (22) අරලියගහ මන්දිරයේදී කැබිනට් ඇමතිවරුන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂය පෙර සිටම අවධාරණය කළ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතා යටතට පත් කළ යුතු බවට කියා සිටියේ ඒ අනුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නමුත් එවැනි ක්‍රියාමාර්ග නොගත් බව ඔහු පෙන්වාදුන්නේ.

කෙසේවෙතත් සිදුව ඇති අඩුපාඩු පිළිබඳ විමසිය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම මෙම සිදුවීමත් සමඟ ඇතැමුන් අන්තවාදීව බොරදියේ මාළු බෑමට සූදානම් වන අතර රජය ලෙසත්, දේශපාලනඥයින් ලෙසත්, මාධ්‍ය ලෙසත් ඉඩදිය යුතු නැතැයි හෙතෙම පැවසුවේය.

මේ අතර ආරක්ෂක කවුන්සිලයේ දැනුම් දීම අනුව එජාප මැයි රැළියද අවලංගු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad