සා/පෙළ ඇගයීම් කළ ගුරුවරුන්ට තවම ගෙවීම් කර නැහැ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 11, 2019

සා/පෙළ ඇගයීම් කළ ගුරුවරුන්ට තවම ගෙවීම් කර නැහැ

සා/පෙළ ඇගයීම් කළ ගුරුවරුන්ට තවම ගෙවීම් කර නැහැ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඇගයීම් සහ ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළව ගුරුවරුන්ට මෙතෙක් ගෙවීම් කර නොමැති බවට ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කරයි.
එහි ලේකම් සංජීව බණ්ඩාර මහතා සඳහන් කළේ, 2018 වර්ෂයට අදාළ ගෙවීම් පසුගිය මාර්තු මාසය වන විට ගෙවා අවසන් කළ යුතුව තිබූ බවයි.
අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතාගෙන් විමසීමක් කළේ ය.
ඔහු සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුණු විගස අදාළ ගෙවීම් සිදුකරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad