"මා හොද නැතැයි කියා ගේන්න හදන විකල්පයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවායදක් බලාපොරොත්තු වෙන්න එපා."- ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 10, 2019

"මා හොද නැතැයි කියා ගේන්න හදන විකල්පයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවායදක් බලාපොරොත්තු වෙන්න එපා."- ජනපති

Loading...

තමන් හොඳ නැතැයි කියමින් තමන්ට විවේචනය කරමින් ජනාධිපති ලෙස පත් කිරීමට උත්සාහ කරන විකල්ප අයගෙන් මාධ්‍ය නිදහස බලාපොරොත්තු නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙය ජනාධිපතිවරණ වසරක් බවයි.

මෑතක සිට මාධ්‍ය විසින් ඇතැම් පිරිස් තමන් විවේචනය කරමින් සිටින බව ද කී ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂක ලයිස්තු ගැන කතා බහක්ද ඇති කර ඇතැයි කියා සිටියේය.

තමනට කොතෙකුත් නින්දා අපහාස කළ ද මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ නායකයෙක් ලෙස තමන් නිහඬව සිටියත් ඉදිරියේ විකල්පයක් ලෙස ගෙන ඒමට බලාපොරොත්තු විකල්පය තුලින් එසේ නිහඬව සිටීමක් අපේක්ෂා නොකරන ලෙසද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad